෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

My Name Is Khan(කතා බහ)

සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා  කරනවා පැල්පතට ආපු හැමෝටම...ඉතින් ඔන්න අලුත්ම චිත්‍රපටයක කතා බහක් අරගෙන තමයි මම අද පැල්පතට අවේ.ඉතින් මම මේ කියන්න යන්නේ දැන් මේ දවස් වල ගොඩක් කථාවෙන, පෙබරවාරි 12 වෙනිදා ඉදලා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වු කරන් ‍ජෝහර්ගේ MY NAME IS KHAN චිත්‍රපටය ගැනයි. ඉතින් මම වාගේම අපි කවුරුත් ආදරය කරන ‍බොලිවුඩයේ රජු ලෙස විරුදාවලිය ලබා ඇති සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් කාලෙකට පස්සේ සුරූපි නිළි කාජල් දේව්ගන්, මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබාදී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ත්‍රස්තවාදය හා ජාතිභේදය පිළිඹිබු වෙලා තියෙනවා කියලා ගොඩක් ආන්දෝලනයකට ලක්වෙලා තියෙන‍වා. නමුත්‍ මෙහි සුන්දර ආදර කථාවක් ගැබ්වෙලා ‍තියෙනවා කියල තමයි සදහන්වෙන්නෙ.
ඉතින් මෙහි කථා සාරාංශය ගැන කියනවනම් රිස්වාන් ඛාන් නමැති මානසික රෝගීතත්වයකින් පෙලෙන මුස්ලිම් දරුවෙකු තම මව සමග මුම්බායි නගරයේ බොරිවාලි නම් ගමේ ජීවත් වෙනවා. රිස්වාන් තරුණ වියට එළබෙත්ම ඔහුගේ එකම සොහොයුරා හා ඔහුගේ බිරිද සමග ඇමෙරිකාවේ සැන් ෆැරැන්සිස්කෝ නගරය වෙත පිටත්ව යනවා.ඉතින් මෙහිදී රිස්වාන්ට සුරූපි මන්දිරා නම් තරුණියක් මුණ ගැසෙනවා.කාළය ගතවෙත්ම මාපියන්ගේ ආශිර්වාද මැද මොවුන් විවාහ දිවියට එළබෙනවා.මේ කාල‍ය වෙනකොට එනම් සැප් 11 තමයි ඇමෙරිකාවට ත‍්‍රස්තප්‍රහාරය එල්ලවෙන්නෙ. මේ සිදුවීමෙන් පස්සේ රිස්වාන් යුවලට බොහෝ කරදර වලට මුහුණ‍ දීමට සිදුවෙනවා. ඒ හේතුව නිසාම රිස්වාන් යුවලට වෙන්වීමට ද සි‍දුවන අතර සිය බිරිද සමග නැවත එකතු වීමට රිස්වාන්ට කරදර බාධක වලින් පිරුන දුෂ්කර ගමනකට එක් වීමට සිද්දවෙනවා. රිස්වාන්ට සිදුවන කරදර මොනවාද? බිරිද සමග නැවත එකතුවීමට ලැබෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ගන්න නම් අනි‍වර්යෙන් මේ චිත්‍රපටය නරඔන්නම වෙනවා.ඉතින් කරන් ජෝහ‍ර්ගේ පස්වන සිනමා නිර්මානය වන මෙය ධර්ම ප්‍රඩක්ෂන් හා රෙඩ් චිලි එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් නිර්ෂ්පාදය කරල තියෙනවා. ඒ වගේම ෆොක්ස් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් මෙහි ප්‍රචාරන කටයුතු හා බෙදාහරීම් කරල තියනවා.මම පොරොන්දු වෙනවා මෙම චිත්‍රපටයේ හොද පිටපතක් ලැබුනු ගමන් පැල්‍පතේ අයට ‍ලබා දෙනවා කියල...සුභ දවසක්..!

කථාව - කරන් ජෝහර් හා ෂිබානි බතීජා
තිර රචනය - ෂිබානි බතීජා
සංගීතය - ශන්කර් / ඊශාන් / ලෝයි 


0 මේ ගැන කියපු කථා:

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!