෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

දඩුබස්නාමානය(තේමා ගීතය)


ගීතයක අරුතට වඩා යමක් එක්කරන්න අද මම හිතුවා. දැන් ලබා දෙන ලිපිය ගැන කියන්න නම් බොහෝ දේ තිබුණත් මේ ගැන කථා කිරීමට අවශ්‍ය නැ කියලයි මගේ අදහස, මොකද අද වන විට මේ ගීතය හා මේ නාට්‍ය ගැන අසා නැති කෙනෙක් නොමැති තරම්...ඉතින් තවත් රසවත් නොකර කියන්නම් ඒ ජයන්ත චන්ද්‍රසිරි නම් අති විශිෂ්ඨ අධ්‍යකෂකවරයාගේ දඩුබස්නාමානය නම් ටෙලි නාට්‍යයයේ තේමා ගීතයයි. ටෙලි නාටකය පිළිබඳ සදහන් කිරීමේ දී ප්‍රධාන චරිත රගපෑ

ශ්‍රියන්ත මෙන්ඩිස්
බුද්ධදාස විතානාරච්චි
කමල් අද්දරආරච්චි
සේනක විජේසිංහ
විශිෂ්ඨ නළුවන් සේම, දමිතා අබේරත්න වැනි විශීෂ්ඨ නිලියන් ගැන මතක් කල යුතුම වෙනවා...ඉතින් තවත් මේ නාට්‍යයේ ජනප්‍රියත්වය වත් එය දිනූ සම්මාන පිළිබඳවත් මා කථා කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නැ.නමුත් මෙහි තේමා ගීතය ගැන ඔබ නොදන්නවා ඇතැයි සැලකෙන දෙයක් සදහන් කරන්නම් මෙම ගීතයේ සංගීත අධ්‍යකෂනය සිදුකර ඇත්තේ අප රට තුල මෙතෙක් බිහිවූ අති දකෂ සංගීත අධ්‍යකෂක වන පේමසිරි කේමදාස මහතායි. ඒ වගේම මෙහි තනුව ගැන යමක් කියනවනම් මේ නිර්මාණය සඳහා ජයන්ත චන්ද්‍රසිරි මහතා මහනුවර ශ්‍රී දළාදා මාළිගයේ රහසිගතව ගායනා කරන කොල්මුර නම් කවි ආස්‍රයෙන් නිවවූ බව සදහන් වෙනවා. මේ තනු නිර්මාණයෙන් පසු මොහුට මේ කවි ඇසීමට ආරාධනා ලැබුනු බවද සඳහන් වෙනවා...කෙසෙ‍් නමුත් අප නොදන්නා මෙවන් නිර්මාණශීලී යමක් ගැබ්ව නැතිනම් මෙතරම් මෙම නිර්මාණය ජනප්‍රිය වීමට ඉඩ නොතිබෙන්නට ඇත.
ඉතින් සුපුරුදු පරිදි තවත් අදහස් හා මේ පිළිබඳ තවත් තොරතුරු ඇත්නම් පැල්පතට රැගෙන එන්න කියල මම ආරාධනා කරනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

8 මේ ගැන කියපු කථා:

මගේ කැමතිම නට්ටියක්. මම ඔය එක ගත්තා ලගදි...

 

Thanks a lot for the song. I was a little kid when I first watched this. Even then I loved this song. Thanks for posting it here.

 

ලංකාවෙ එදා මෙදා තුර නිර්මාණය වෙච්ච හොඳම නාට්‍ය වලින් එකක්...

 

@ පිස්සා පලාමල්ල :
ඇත්තටම ගොඩදෙනෙක් එහෙමයි...තවත් විස්තර දන්නවනම් එකතු කරන්න කියල ආරාධනා කරනවා.

@Anonymous...
thanks lot dr & keep in Touch....!

@ ගයන්ත:
ඒක හරියටම හරි කෙතරම් තාකෂණය දියුණු වුවත් තවමත් ඒ තරම් අර්ථවත් නිර්මාණශීලී නාට්‍යයක් නම් තවමත් නිර්මාණය වී නෑ කියලයි මගේ මතය...බොහෝම ස්තූතියි අදහස් වලට...

 

ඔන්න මාත් පැල්පතට ගොඩවැදුනා. කේමදාස මාස්ටර්ගේ සංගීතය මගින් මේ නාටකය තුල පවතින් සටන්කාමී බව පැහැදිව ඔප් නංවනවා කිව්වොත් මම වැරදි නෑ...

 

@ ආගන්තුකයා: සාදරයෙන් පිළිගන්නවා ඔබව පැල්පතට...ඇත්තටම කිව්වොත් කේමදාස මාස්ටර් වගේම නාට්‍යයට අදාල ඒ සදහා ගැලපෙන සෑම අංශයකම විශිෂ්ඨයින් යොදාගෙන කරපු නිර්මාණයක් කියලයි මම දකින්නේ...හොදම සංගීතය, හොදම අධ්‍යයක්ෂනය හොදම නළුවා මේ නාට්‍යට ලබාගත් සම්මාන කිහිපයක් වෙනවා.මේ සියළු පිරිසගේ දස්කම් නිසා තවමත් අප ගරු කරන සහ හද තුල තිබෙන නාට්‍යයක් බවට මෙය පත්වෙලා තියෙනවා.

 

@ එරංග: බොහෝම ස්තූතියි එරංග...පැල්පතෙන් නොකිව්වට පැල්පතට නිතර එන යන හා ගොඩක් උදව් කරන කෙනෙක් විදියට ඉදිරියටත් අපිත් එක්ක ඉන්න කියල ආරාධනා කරනවා...!

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!