෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"ඔබ මා හමුවේනම්"


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ...
මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
එකම කතාවක් - යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් - මුවේ පිපේ නම්
එකම සිනාවක් - යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//


"විරහව" තමන්ගේ ආදරය අවසන්ව කෙතරම් කලක් ගතවී තිබුනත් තවමත් සිතින් ඒ විරහව විදින ඒ ගැන පසුතැවෙන පෙම්වතෙක් ගැන පවසන මේ ගීතය මා වඩා ප්‍රියකරන ජගත් වික්‍රමසිංහ මහත්මයාගේ තවත් හදවතට දැනෙන ගීතයක් වෙනවා. ගීතය ගැන අත්දැකිම් මා හට නැතත් අප විසින් අමතක කරන ලද ප්‍රථම ප්‍රේමයක් අපි හැමෝගෙම සිත්තුල තවමත් අනවසරයෙන් රජකරනවා කියලයි මගේ මතය...

කෙසේ නමුත් සිත් පුරා ආදරය කල පෙම්වතිය අද තමා ලග නොමැති බව සත්සුදක් සේ දන්නා පෙම්වතා ඔහුගේ අහිංසක බලාපොරොත්තුව මෙසේ හැඟුම්බරව ඉදිරිපත් කරයි...අමතක කල නොහැකි ඒ අතීතයට නැවත පියමන් කල නොහැකි බවත්, ඇගේ සිනා පිරිනු නෙතු නැවත දැකගත නොහැකි බව දන්නා පෙම්වතා "එකම කතාවක් - එකම සිනාවක්" යලිත් බලාපොරොත්තු වන්නේ ඉතාම දුක්බර ලෙසයි...ආදරය හා විරහව සමව විදි පැල්පතේ සහෝදර සහෝදරියන්ට මේ ගීතය පිළිබඳ සිතට දැනෙන දේ ඉදිරිපත් කරන්න මගෙන් ආරාධනා...!


විදින්න නොව දැනෙන්න හා ඉන් මිදෙන්න, මේ ගීය මගේම සහෝදර "සයිL3න්ටි[කිL3ර්]"ට.........!!!


::::ගීතය මෙතනින් බාගන්න::::

3 මේ ගැන කියපු කථා:

මොනව කියන්න ද කියලා හිතාගන්න බැහැ සහෝ....
මට මාව අමතක වෙන වෙලාවට මාව අමතක නොකරන මගේ හිච්චිහාමි සහෝට ගොඩාක් ස්තූතියි.......

 

@ S!L3NT[K!LL3R]
ආයේ අමතක වෙන්න දෙන්නැ...ඒ විදියටම පරණ‍ දේවල් අමතක කරන්න කියල මතක් කරනවා...

 

" කුරුටු ගෑ කවි අතර ඔබෙ නමට ඉඩක් දී..
සනසන්න මගෙ හිත දුක නොයෙන් තුරුල් වී..
ඒත් සැනසුම කොහිද ඔබ ඇත ඉගිල්ලී..
තනිකමට ඇති බයට හිතේ පණ ගැෙහ් වී.."

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!