෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"සැදෑ කළුවර"


සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සඳ මගෙ සරා සඳ
තනි වෙලා මා තනිවෙලා

වළාකුලකුත් නොමැති අහසේ
මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත - පාළු වී ඇත
අඳුර පමණක් රජ වෙලා...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගනන් දුර - ජී‍විතේ බර
මගේ හිස මත පරවෙලා...

සැදෑ කළුවර...//


වෙසක් නිවාඩුවෙන් පස්සේ ඔන්න අද තමයි පැල්පත පැත්තේ ආවේ. විරහව සිතට දැනුනු එයින් තනිකමක් දැනුනු කෙනෙකුට දැනෙන හැඟිමක් ගැන කියවෙන මේ ගීතය ඉතාම අපූරුවට ගායනා කරන්නේ විශාරද නන්දා මාලනී මහත්මිය විසිනුයි. මා විසිනුත් ගීතය නිතරම අසා නැතත් හිතට දැනෙන අමුතු රසයක් ඇති ගීතයක් ලෙස හදුන්වන්න පුළුවන්...නමුත් ඉතාම නිවැරදි තේරුමක් මින් ගන්නට කොතෙකුත් උත්සහ කලත් මා හට එය සාර්ථක කරගන්නට නම් හැකි වුනේ නෑ. නමුත් දැනෙන සරලම ආකරයෙන් මෙය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා, ඒත් මේ ලිපිය කියවන ඔබට අඩුපාඩු සහ වෙනත් අදහස් දැනෙන්න පුළුවන් එය ඉදිරිපත් කර අදහස් බෙදාගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ගීතයේ මුල් පද හ‍තරේදීම හා අන්තරා කොටසට පිවිසෙත්ම ගීතයේ අර්ථය පිළිබඳ පෙර කී විරහව දැනුනත් ඉන් විරහව විදිනවාට වඩා ඔහුට ඇය හෝ ඇයට ඔහු හිමි වී සිටි ආකාරය සහ මෙහි පවසන
"ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි..."
යන පද පේලි හා අවසානය මට නම් තවමත් ප්‍රශ්නාර්ථයක්ම පමණයි....


::::ගීතය මෙතනින් බාගන්න::::

9 මේ ගැන කියපු කථා:

මරු සිංදුව..මාත් බානෝ..............

 

@ රාජිත අනුරාධ:
බොහෝම ස්තූතියි මචං ආපහු ඇවිත් යන්න එන්න කියල ආරාධනා කරනවා...

 

කොර ගගා නෙවෙයි, කුර ගගා

 

නම ඉදිරිපත් නොකලත් සිදු වූ අඩුපාඩුවට සමාව ඉල්ලන ගමන් ඒ අඩුපාඩුව පෙන්වූ ඔබට හදපත්ලෙන්ම ස්තූති වන්ත වෙනවා...!

 

ඔන්න මාත් මේ පැත්තේ ආව හොදේ... සින්දුව නන් මරු. මම ගොඩක් ආස සින්දුවක්.. මාත් බාගත්ත ඔන්න... ඔන්න නිරහන්කාරි දැන් ටික ටික සුව අතට හැරීගෙන එනවා. බොහොම පින් රසික සහෝදරයා ඒ ගැන හොයල බැලුවට. මගේ අසනීප සුව උන ගමන් පළවෙනි අදහස පලාමල්ලේ තමා දැම්මේ. :) :) හැම දේම සාර්තක වෙන්න කියල පතනව!!!

 

@ nirahankaara ahinsakaawi : බොහෝම ස්තූතියි ඇවිත් ගියාට ඒ වගේම සතුටුයි දැන් සුව අතට හැරෙනවා කියල දැනගත්තහම.ඉතින් ඉස්සරහටත් පැල්පතත් එක්ක රැදිල ඉන්න කියල නිරහන්කාරිට, නිරහන්කාරව ආරාධනා කරනවා...!

 

පොඩි පටලැවිල්ලක්.. පලා මල්ල පිස්සගේ නේ.. මේ අපේ පැල්පත නේ.. කලින් අදහසේ පොඩි වැරදීමක් හොදේ... මගේ පලවෙනි අදහස පැල්පතට තම දැම්මේ..

 

ඔන්න සහෝ මාත් හා... හා.. පුරා කියල කොම්මෙන්ටුවක් පැල්පතට දාන්නයි හදා..න්නේ..
සින්දුවක් ගෑන ඔන කෙනෙකුට ඔන විචාරයක් ඉදිරිපත් කිරීමෙ නිදහස තියනවනේ සහො ඔන්න එහෙනම් මෙ ගීතය ගෑන මට හිතෙන විදිහ.............

මෙ ගීතය පුරාවට කියවෙන්නේ,
හිමියනි... ඔබ,
පහන් කරන කල හුදලකලා උ රැය,
මහදෙහි ද හුදකලාව
රජකරන්නීය...

'එනම් තම සැමියා රාත්‍රී මුරය සදහා හේනේ හෝ පැලේ
රාත්‍රිය පහන් කරන කල
ගෙදර සිටිනා බිරිදට නැතිනම් ගෙවිලියට දැනෙන්නා උ හුදකලාවයි........'



"සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ කල"
හිමියනි
තනිවෙලා මා තනිවෙලා.....

"වළාකුලකුත් නොමැති අහසේ
මළානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත - පාළු වී ඇත"
හිමියනි...
ඔබ නැති මෙ කුටියෙහි
අඳුර පමණක් රජ වෙලා...


"ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ එක් රැයක් පමණයි"
එහෙත් හිමියනි
ගව් ගනන් දුර ගෙවීමට ඇති අපෙ ජී‍විතේ
මගේ හිස මත පරවෙලා වන් උ හුදකලාවක්
එක රැයකට
මගේ හිතතුල රජ වෙලා... හිමියනි

 

මචංලා මේකෙන් කියන්නේ තමන්ගේ ඔත්පල සැමියා ගෙදර ඉන්නකොට රෑ කාලේ තමන්ගේ සිරුර විකුනලා ජීවත් වෙන්න මුදල් හොයන ගැයැනියක් ගැන​

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!