෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"මහ වරුසාවට"


මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//


එතරම් ජනප්‍රිය‍ නොවුනත් ගීත අතලොස්සක් පමණක් ගායනා කරල තියෙන සෝමතිලක ජයමහ මහත්මයාගේ "මහවරුසාවට" නම් ගීතය ඒ ගී අතරින් විශේෂ වෙන්න පෞද්ගලිකව මට හේතු නැතිවාම නෙමෙයි...ආදරය කරන පෙම්වතුන් බොහෝදෙනෙක් මේ අත්දැකීමට මුහුණ දීලා ඇති කියල අවිවාදයෙන් තොරව මම කියනවා...කෙතරම් ආදරය, සෙනෙහස පෙම්වතියට ලැබුනත් පෙම්වතා සමඟ නෝක්කාඩුවීමේ අඩුවක් නම් පෙම්වතියකගෙන් කිසිදා බලාපොරොත්තු නොවිය යුතු දෙයක් කියලයි මගේ මතය...ඉතින් ගීතයේ මුල් පද හතරේදීම අපට හැඟෙන්නේ තමා ආදරය කරන යුවතිය තමා සමග අමනාප වී ඇති අවස්ථාවක, ඇගේ රුව ගැන වර්ණනා කර ඒ අමනාපයෙන් මිදෙන්න දරණ වෑයමක් ගැනයි. සැබැවින්ම එය බොරු ආටෝපයක් පමණක් නොව ඇය සැබවින්ම තමන්ට වටින බව එතැන් සිට මුළු ගීතය පුරාම හදුන්වාදෙයි...
පෙම්වතියට සියල්ල අමතක වීමට, තමන්ගේ ප්‍රේමකතාවේ අතීතයට ඇයව ගෙන යන පෙම්වතා එහි රසමුසු තැන් ගැන සහ මෙතෙක් කල් ආද‍රයෙන් වෙලී සිටි ආකාරය සිතුවමක් ලෙස පෙම්වතියට මතක් කර දෙයි...ඒ ඔහුන් මුනගැසුනු ඇල දොල ගැන සහ ඇය එන තුරු මඟ බලා සිටි ආකාරය මනාව මතක් කර දෙයි. එසේම එකල බැදුනු ප්‍රේමය අද වන විට තවත් වැඩි වී ඇති බව පෙන්වීමට ගීතය අපූරු පද කිහිපයක් අලංකාර කර ඇත එනම්,
"ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි.."
‍කෙසේ වුවත් ගෙවුනු කාලයේ සෑම පෙම්වතුන් යුවලකටම සේම මොවුන්ටද විටින් විට ඇතිවූ සැක-බිය දුක ගැනත් නොහැගෙන ලෙස දක්වා තිබෙනවා. කෙසේ වෙතත් සියළු දේ මැද ඔහුන්ගේ "පිවිතුරු සෙනෙහස අද උතුරයි..."

ඉතින් මේ ලිපියේ විශේෂ දෙයක් කියන්න තියෙනවා. කලින් වගේම ගායනය පමණක් හරි හැටි දන්නා හින්දා ඒ පිළිබඳ ලි‍පියේ සදහන් කලා. ගීතය ගැන තොරතුරු දන්නවානම් සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා. ලිපියේ විශේෂ ස්තූතිය "කට්ටා" සහෝදරයට පිරිනැමෙන්න ඕනෙ කියල මම හිතනවා. මතකයෙන් ටිකක් ඈතට ගිය මේ ගීතය නැවත මතක් කර දීම පිළිබඳ ඔහුට විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.



::::ගීතය මෙතනින් බාගන්න::::

6 මේ ගැන කියපු කථා:

ස්තුතියි. ලස්සනට අරුත් පැහැදිලි කරලා තියෙනවා. ලඟදි රණ්ඩුවක්වත් වුනාද? ථ-)

 

@RanDil
බොහෝම ස්තූතියි ලිපිය ගැන අදහසක් දැක්වුවාට.රණ්ඩුනම් නොවුනාම නෙමෙයි එත් මේ අදහස් ගොඩ දෙනෙකුට ගැලපෙනව කියලයි මට හිතෙන්නෙ...!

 

niyameta comment 1 liyala thiyanawa. me katta ganath mathak kalata godaaaaaal pin.

 

අතිශඉන්ම සොදුරු අත්දකිමක්... ආදරේ අලුත් වෙන තරමට මිහිර උපරිමඉ.... එත්, බාදා සොදූරු ලෙස ජයගෙනිමෙන් පමනඉ..

 

gon katha kiyanne nathuwa innawa.

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!