෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"මවකගෙ උණුසුම නොලබා"


මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව ‍මැකේ...

හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හි‍නැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...

මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...

මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//
ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//


සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනාවා පැල්පතේ හැමෝටම දින කීපයක ඉදල දාන්න හිතාගෙන හිටපු ලිපියක් ඔන්න අද තමයි එකතු කරන්න හදන්නේ. ඇත්තටම ගීතය ගැන කියන්න කලින් ‍මෙම ගීතයේ නිර්මාණය වීම ගැන වචනයක් කියන්න ඕනෙ. ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක විසින්, ඒ වගේම ගීතය ගායනා කරන්නෙ කේ.කේ.සේන නම් කලාකරුවා විසින් ගායකයාගේ විශේෂත්වය වන්නේ මේ ඔහු ගායනා කරන එකම ගීතය වීමයි. ගීතය දුටු සැනින් අරුත ගැන යම් වැටහීමක් හිතට ඇති වුවත් ගීතයේ ඇති අලංකාරය හා අර්ථ රසය ගැන නම් කිව යුතුමයි. බිලිදෙකු මෙලොව එලි‍ය දකින මොහොතේ තමන්ගේ මව ‍මිය ගොස් ඇති අවස්ථාවක පියාට දැනෙන දුක සහ තම මව ‍නොදුටු මේ නොදරුවා සැපට නිදන අවස්ථාව ගැන ගීතයෙන් ඉදිරිපත් කරයි. මෙවන් වියෝවිමක් දැනට අප සමාජයේ ඇසීමට නොලැබෙන නමුත් එකල ‍මෙය වාවාගත නොහැකි සමාජයම කම්පා වන සිද්දියක් බව ගීතය ඇසීමේ දී අපට හැඟීයයි. මෙහිදී දරුවා සමග තනි වූ පියා අනාගතයේදී දරුවා අම්මා ගැන විමසීමේ දී හා තම පුතුගේ උපන් දිනය සැමරීමේ දී එ‍හි සතුට බුක්ති විදින අකාරය කෙසේද යන්න සිතමින් පසු තැවෙන අයුරු ගීතය තුලින් මතු වී
පෙනේ.කුඩා කල ගීතය අප උපරිමෙන්ම රස වින්දත් මේ ‍වන විට ගීතය ඇසෙන්නේ නැති තරම්. කෙසේ වුවත් ගීතය අප අතරින් ද වියෝ වීමට ඉඩ නොදී ඉදිරියටත් ගීතය අප හදවත් තුල තබා ගන්නට පැල්පතෙන් පුංචි ආරාධනාවක් කරනවා...


පැරණි, අමතක වී ගිය මේ අගනා ගීතය පැල්පතට එක් කරන්න නිතර මතක් කර දුන් කට්ටා සහෝදරයව ආදරෙන් මතක් කරන අතර ගීතයේ විස්‍තර මෙන්ම ඉපැරණි බව හදුන්වා දුන් තරිඳු සහෝදරයටත් පැල්පතෙන් හදපිරි ස්තූතිය පුද කරනවා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසුවන කට්ටා සහෝදරයාගේ මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර එළබෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන තරිඳු සහෝදරයටත් නිසැක ජයග්‍රහනය පැල්පතෙන් මෙලෙස ප්‍රාර්ථනා කරනවා.



::::ගීතය මෙතනින් බාගන්න::::

4 මේ ගැන කියපු කථා:

රසිකයෝ ඔන්න මම මේකත් බැලු‍වා. හැමදාම ‍වගේ ඔහොම යං කියල තම‍යි කියන්න තියෙන්නෙ.. එළ මචෝ...

 

ගොඩක්ම ලස්සන ගීතයක්....

 

@ එරංග : බොහෝම ස්තූතියි...මේ ලැබෙන සහයෝගය නම් ගොඩාක් වටිනවා මචං.අඩුපාඩු තියෙනවනම් කියන්න කියල ඉල්ලා සිටිනවා...

@ mangala : පැල්පතට ආදරෙන් පිළිගන්නවා. ‍ගොඩක් ස්තූතියි අදහස් දැක්වුවට..

 

We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

Thanks
Admin
http://blogsinhala.com/

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!