෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"කවුරුවත් නැහැ කවුරුවත් නැහැ"



කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//


දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//

පොඩ්ඩක් විවේක තිබුනු වෙලාවක ‍ඔන්න ආවා පැල්පතට අලුත් ගීතයක් අරගෙන, පැල්පතට අලුත් වුනත් ගීතය නම් ටිකක් පරණයි. ගීත‍යේ සුවිශේෂී බව වෙනත් ගීත වල මෙන්ම අර්ථය හා සංගීතය තුල මනාව ගැබ් වෙලා තියෙනවා. මෙතෙක් අපි කතා කරපු ගීත වල බහුතරයක් ආදරය හා විරහව වැනි මාතෘකා ඔස්සේ තිබුනත් මේ ගීය ගායනා කරනු ලබන්නේ තම ජීවනෝපාය ලෙස පාරුවක් මගින් මිනිසුන් ගඟින් එතෙර කරන තොටියෙකුගේ දුක් ගැනවිල්ලක් පිළිබඳවයි. නමුත් මේ ගීතයේ අර්ථය පිළිබද තොටියාගේ දෙසින් බැලූ කල නිවැරදි වුවත් සිදු වී ඇත්තේ මෙතෙක් ගඟ හරහා පාරුවෙන් ගමන් කල මිනිසුන් හට ගඟින් එතෙර වීමට පාලමක් ගමට ලැබී ඇති බවයි. ගමට පාලමක් ලැබෙන විට සෑම‍ දෙනාම ඒ පිළිබඳ සතුටු වුවත් දුප්පත් ‍මේ තොටියාට නම් එය වාවාගත නොහැකි දුකක් වී ඇත. එයට හේතුව ලෙස ගීතය තුල දිනෙන් දින පාලම ඉදි වූ ආකාරයත්, අදවන විට කිසිදු කෙනෙකු තමාගේ පාරුවෙන් ගමන් කිරීමට නොයෙන බවත් සඳහන් කරන අතර ඔහු අතීතයේ පාරුවෙන් මිනිසුන් ගෙන ගිය ආකාරය සහ ඒ ගෙනයාමේදී ඇතිවන
අපහසුව පිළිබදවත් දැක්වීමට මනා පද පේලිකීපයකින් ගීතය අලංකාර කර ඇත. එනම්,
"දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා"
නමුත් ඒ කාලය වන විට ගමට අත්‍යවශය ව තිබූ මේ මිනිසා පිළිබඳ අද වන විට කිසිදු තැකීමක් නොකරන බව දැක්වීමට අවසාන පද කීපයෙන් මෙසේ සදහන් කරනවා
"මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ"
සමාජයේ දියණු වීම බහුතරයකට නිවැ‍රදි වුවත් ඒ දියණුව පිළිබඳ සාදාරනව දුක්වන යම් පිරිසක් ගැන ගායනා කරන එකම ගීතය මා දන්නා තරමින් මෙය වේ. ගීතය අමරසිරි පීරිස් මහත්මයගේ "ස්නේහයේ නගරයයි" ගීත ඇල්බමයේ
ඇතුලත් වන ගීතයක් වන අතර අමරසිරි පීරිස් මහත්මයාගේ මා ප්‍රියකරන ගීත අතර තවත් එක් සුවිශේෂී ගීතයක් ලෙසද මෙය සදහන් කිරීමට පුළුවන්. ඉතින් වෙනදා වගේම පැල්පතෙන් ගීත‍ය රසවිදල ඔබට දැනෙනඅදහස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

6 මේ ගැන කියපු කථා:

රසික,
මේ සින්දුවේ, පිටින් දැනෙන අදහස වගේම, ගොඩාක් අර්ථවත් යටි අදහසක් තියෙනවා. ඊළඟ සින්දුවේදි, ඒ ගැනත් සලකිලිමත් වෙයන්. මේ වගේ ගායකයන්ගෙ ගීත ගන කතා කරද්දි, ඒ ගැන කතා නොකරොත්, ඒක අඩුවක්.

එළ මචො.

 

දියුනුව කියාගෙන අපි මේ යන ගමනේ
නොහිතුව දේ තමා නිරතුරුවම ‍රැදුනේ
පහසුව තරම් වූවත් පාලම බැඳුනේ
වෙහෙසව හිදී තවකෙක් නැති ‍රැක වරණේ

 

@ එරංග : බොහොම ස්තූතියි මචං, ලි‍පියේ පළමු අදහස මගේම සහෝදරයෙකුගෙන් ලියැවුන එක ගැන ගොඩක් සංතෝස වෙනවා.අඩුපාඩුව නිවැරදි කරගන්න ඉදිරියට හොදින් සැලකිලිමත් වෙනවා.

@ විහඟ ගීතය: සාදරයෙන් පිළිගන්නවා පැල්පතට...
කවියකින් ලිපිය හැඩකර
අදහසක් දැක්වූ
"විහඟ ගීතයට"
ජයවේවා...!

 

මගේ ආසම සින්දුවක්. හොඳට ලිපිය ලියලා තියනවා. ජයෙන් ජය. මම මේක බාගත්තා. ස්තූතියි.

 

හිතේ තියෙන සිංඳු ගොන්නේ තව එකක්‍‍‍‍
ගොඩක් ආස පැල්පතේ ලිපියක්
ඒකත් මගේම ගුරුතුමෙක් (සහොදරයෙක්) ගේ හිතේ ඇඳි ගීත පද පෙලක දැනෙන අදහසක්

 

කවුරුවත් නැහැ....... කවුරුවත් නැහැ...
පැරණි ගමක ඒ කාලයේ ගමේ මිනිසුන් ගගෙන් එතෙර වෙලා තිබෙන්නේ පාරුවෙන්. විශාල වශයෙන් ජනතාව ගමන් ගන්නා මේ පාරුව පදවන තොටිය දිවා රාත්‍රි නොතකා තම කාර්යය ඉටුකළ බව කවියා පවසයි. "ලන්තෑරුම කෝ" යන්නෙන් එය පැදිලිය.

මේ ගීතය සමාජය වෙනස් වීම පිලිබඳව කියවේ.
දශක කිහිපයකට පෙර පැවැති තත්ත්වය

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!