෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"මතකේ හස‍රැල්"


කියන්නට බැරි තරම් ‍- ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් - සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් - ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් - සිප ගන්නකෝ මා දෙතොල්...

මතකේ හස‍රැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන දිනේ
ඔබ මා හැරදා ඇයිද ගියේ...

ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි...

ඔබ හා මා හමුවේනම්
ජීවිතය ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්

මතකේ හස‍රැල්...//


සුභම සුභ දවසක් අදත් පැල්පතට ගොඩවැදුනු හැමෝටම...ඉතින් දින කීපයකට පස්සේ අදත් අලුත් ලිපියක් අරගෙන තමයි පැල්පතට ආවේ.ගොඩක් අය චෝදනා කරල තිබුන පරණ ගීත පමණක් ද පැල්පතෙන් ඉදිරිපත් කරන්නෙ කියල, නමුත් පැල්පත කියන්නෙ ගීත පමණක් ඉදිරිපත් කරන ‍බ්ලොග් අඩවියක්ම නෙමෙයි. පැල්පතට ලැබෙන ලිපි හා ගීත බොහොමයක් අද දවස වෙනකොට අපිට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් වලින් සැදුම් ලත් ලිපි වෙනවා. ඉතින් කිසිම විටක එකම පරාසයකට පමණක් සීමා වෙලා ඇති ලිපි කියල කියන්න අමාරුයි. ඉතින් ඒ අදහස තවත් ‍‍වර්ධනය වෙන්න අද එකතු කරන ගීතය ඉවහල් වෙයි කියල මම හිතනවා. ගීතය තමයි "මතකේ හසරැල්" ගීතය ගායනා කරනු ලබන්නේ වර්තමාන තාරුණ්‍යයේ ඉතාම ජනප්‍රිය ගායකයෙක්, නර්ථන ශිල්පියෙක් හා සිනමා නළුවෙක් වන දුෂ්‍යන්ත් වීරමන් හා සුපිරි කටහඩකට හිමිකම් කියන උමාරා සිංහවංශ යන දෙපල විසිනුයි. මේ දෙප‍ලගේ විශිෂ්ඨ ගායනය හා ගීතයට මුසුකර ඇති සංගීතය නිසා අද වන විට ගීතය බොහෝසෙයින් ජනප්‍රියව තිබෙනවා.කෙතරම් ගීතය නැවුම් වුවත් නිතරම පැල්පතට ලැබෙන ගීත බොහොමයක මුසු විරහව මේ ගීය තුලත් එසැනින්ම තිබෙන බව නම් මුලින්ම කියන්න ඕනෙ. ගීතය ආරම්භයේ සිටම පෙම්වතාට සිතට දැනෙන දුක ව‍වාගත නොහැකි බව හා පෙම්වතිය මෙතරම් කුරිරු වූයේ මන්ද කියා අසයි. තම ජීවිතයේ සොදුරුම අවදියේ ඉතා දැඩිව ආදරය කල පෙම්වතිය අන්සතු වී ඇති බව හා එම මතකයන් සිතට කෙතරම් වද දෙනවාද යන්න ගීතයේ පදපේලි ගලපා ඇති අයුරින් රස විදින අපට
හැඟීයයි. නමුත් පෙම්වතා නිතර කියූ සේ පෙම්වතිය කුරිරු වී පලා ගියා නොව පෙම්වතියද එය සිදුකලේ සිත‍කින්‍ නොවන බව හා ඒ පිළිබඳ සමාව ගන්නා අයුරු පෙම්වතියගේ ගීපද පේලි තුලින් ඉදිරිපත්කරයි...
"සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි..."
පැල්පතට එකතු වූ ප්‍රථම යුග ගීතය, හා ප්‍රථම නව පරපුරේ ගීතය මෙය වන නිසා ගීතය පිළිබඳ අදහස් විශාල ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කරනවා. සුපුරුදු පරිදි අඩුපාඩු ඇත්නම් හා ගීතය පිළිබඳ තවත් අදහස් ඇතිනම් ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

::ගීතයේ වීඩියෝව මෙතනින් බලන්න::

12 මේ ගැන කියපු කථා:

මචන්, අලුත් පොස්ට් එකට සුභ පතුම්.

 

@ Eranga: හැමදාම වගේ, මුල්ම අදහස මගේම සහෝදරයෙක් ගෙන්...බොහෝම ස්තූතියි..

 

ae machan, mechchara lassanata virahawa vitharak liyawenne. blog loke inna okkoma boot kapu hari adaren lost wunu aya wagei. natnam lassana hitak, adahas tiyena ayata kawdawath hitana patana adarayak labenne nadda?

 

අදමයි මේ පැත්තට ආවේ.......
හරිම ලස්සනට ලියලත් තියනව...... ගීතයත් බාගත්ත බොහොම ස්තූතියි.....

(මුල් පද දෙක නම් මට මතක "කරන්නට බැරිතරම්" කියල....... පොඩ්ඩක් බලන්න ඕන ඒ ගැන........)

 

@ Anonymous: නම ඉදිරිපත් නොකිරීම පිළිබදවනම් කණගාටුවෙනවා ඒත් ඔබව පැල්පතට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. විරහව ඔබට ලස්සන බව හිතට දැනුන වගනම් තේරුනා. පැල්පතේ බහුතරයක් මමත් ඇතුලුව විරහවේ ඇති දුකත් මුසු රසය ගීතයෙන් විදීමට කැමති බව තේරුනු නිසා ඒ අනුසාරයෙන් ගීත ඉදිරිපත් කලේ. කිසිම විටක බ්ලොග් අඩවි වල අය ආදරයෙන් පැරදුනු අය කියල නම් අදහස් කරන්න එපා...සමහර විට ඔහුන් ආදරය කරපු පෙම්වතිය හෝ පෙම්වතා අද ඔහුන් ලග නැතිවෙන්න පුළුවන් එත් ඔහුන් සැබෑ ආදරවන්තයෝ නම් කිසිම විටක පැරදී නොමැති බව නම් කියන්නම ඕනෙ...

@ හා පැටික්කි : මුලින්ම පැල්පතට ගොඩවැදුනු "හා පැටික්කි"වත් ආදරයෙන් පිළිගන්නවා. දිගටම අපි එක්ක ඉන්න කියල ආරාධනා කරනවා. ගීතය පිළිබද ඉදිරිපත් කර ඇති අඩුපාඩුව ගැන සොයාබැලීමට පොරොන්දු වෙනවා..බොහෝම ස්තූතියි අදහස් දැක්වුවාට...

 

මේ දවස් වල මගේ තේමාගීතය මේක තමා... :D

 

hmmmmm.. lassanayi hichchihaamiye..
onna math ba gaththa..

 

@ සෝරෝ: බොහෝම ස්තූතියි අදහසට...

@ nirahankaara ahinsakaawi: කාලෙකින් නිරහංකාරිට පැල්පත මතක් වෙලා වගේ...!බොහෝම ස්තූතියි අදහසට...

 

ane na aiya.. godak awul pita ne inne.. mehema hari yanne hithata nidahasak labei kiyala hithena ewaa kiyawanna witharai... :)::):) puluwan hama welema api meheta goda wenawa..

 

සෙස්සන් මොනවා කීවත් ගීතයෙහි රගේ
වස්සන් වගේ කොපි කළ යුතු නොවිය හැගේ
උත්සන් වෙලා රෝගය බරපතල වගේ
ජැක්සන් වගේ නොවුනානම් නොවෙද අගේ

 

@ nirahankaara ahinsakaawi: බොහෝම ස්තූතියි නිරහංකාරිට. නිතර අපිත් එක්ක සතුටින් ඉන්න ඔයා අවුල් පිට ඉන්නව කියල හිතන්නත් අමාරුයි. ඕනෙම ප්‍රශ්නයකට විසදුමක් තියනවා කියනවනේ.දැන් ඔයා අසනීප වුනාම බලන්න ඇගට අමාරුවක් දැනුනා ඒ වෙනුවෙන් දුක්වුනා ඒත් අද වෙනකොට ඔයා සනීප වෙලා ඉන්නව නේද? ඒ වගේම තමයි හිතේ ලෙඩත්..බයවෙන්න එපා ඔයාට සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනට එයි...අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා...

@ විහඟ ගීතය: කවි අදහසකින් පැල්පතට අමුතුම ලස්සනක් ගේන විහඟ ගීතයේ අදහස ලැබෙනකන් මම මග බලාගෙන ඉන්නේ...බොහෝම ස්තූතියි...ඉදිරියටත් රැදී ඉන්න කියල ආරාධනා කරනවා...

 

ඇත්තට මම මෙ ගිතය අහල තිබුනත් මොනා ගැන කියනවද කියලා නම් හොදට අහුවෙ නැ.....දැන් තමා තේරුනේ විරහ ගියක් කියල.....තව කොච්ච්ර ගිත තියෙනවද අපි තේරුම දන්නේ නැතුව අහන ගිත කෙයලා මට හිතුන.......

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!