෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"අහන් ඉන්න - අහගෙන ඉන්න"


අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//


සුභ දවසක් අදත් පැල්පතට එක වුන හැමොටම. ඉතින් ඔන්න අද අරගෙන ආපු ‍ගීතය නම් එතරම්ම ජනප්‍රිය වුන ගීතයක් නොවෙයි. ‍නමුත් ගීතය මෙතෙක් මා දන්නා තරමින් ඇසූ සියළු දෙනා පැවසුවේ ගීතයේ ඇති රසය සහ එහි අරුත කියා නිමකල නොහැකි බවයි. නමුත් අවාසනාවකට වගේ මේ ගීතයේ ගායනය, තනු නිර්මාණය හා සංගීතය නිර්මාණය කලේ කවුද යන්න මෙතෙක් සොයාගන්නට නම් නොහැකි වුනා. නමුත් මේ ගීතය ගැන තොරතුරු මා දන්නා කිහිප දෙනෙකුගෙන් සපයා ගන්නට හැකිවුනා. ඉතින් ගීතයේ අර්ථය පැහැදිලි කරනවාට වඩා එය නිර්මාණය කරන ලද්දේ කුමක් සදහාද යන්න සොයා බැලීම ඊට වඩා වැදගත් බව පැහැදිලි වුනා.
එසේනම් මුලින්ම කියන්නම් ගීතය මගේ සවනතට වැටුනු ආකාරය. ඉතින් ගීතය මා හට ලබා දුන් පුද්ගලයා ගැන පැල්පතට අමුතුවෙන් හදුන්වාදිය යුතුව නැතැයි මම විශ්වාස කරනවා එනම් ඔහු තමයි පැල්පතේ මගේ ස‍හෝදර අමිLaයා. ඔහු විසින් දැනට මාස කිහිපයකට පෙර ලබාදුන් මේ ගීතය තවමත් මා රසවිදින්නේ ඉතාම කැමැත්තෙන්. ගීතය ලබාදීමේදී ඔහු විසින් ලබාදුන් තොරතුරු කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්. එනම් මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ සංගීත ක්‍රම දෙකකිනුයි. එක් ක්‍රමයක් එනම් මෙහි ladys Version එක ඉදිරිපත් කර ඇත්තේ clasical ක්‍රමයටයි. නමුත් මෙහි අනෙක් ගීතය Rock Music Style එකෙන් ඉදිරිපත් කරල තියෙනවා. ගීතය ගැන තවත් වැදගත්ම තොරතුරු ඔහු විසින්ම අපට හදුන්වා දුන්නා. එනම් මෙම ගීතය ගායනා කරන ගායිකාව අන්ධ බව පැවසෙනවා. ඒ බව ගීතය තුල ප්‍රේකෂකයාට ඒත්තු ගැන්වීමට ගීතය ගායනා කරන අතර එහි අන්තරා කොටස අවසා‍නයේ "මෙතෙක් ගීතය ඇසුවේ ඔබේ විදියටයි, දැන් මගේ විදියට ගීතය රසවිදින්න" යනුවෙන් ගායිකාව ආරාධනා කරනවා. මෙම අවස්ථාවේ මෙතෙක් අප ගීතය රසවිදි ආකරය සපුරාම වෙනස්ව අනුකම්පාව මුසු අමුතුම හැගීමක් සිතට ඇතිවෙනවා. ‍ඒ බව ඉතාම හොදින් රසවිදි තවත් විශේෂ පුද්ගලයෙක්ගෙන් මා හට තොරතුරු ලැබුනා ඔහු නම් බ්ලොග් කලාවේ අප කවුරුත් හදුනන "ආගන්තුකයා" විසිනුයි, ඔහු මෙම ගීතය මුලින්ම රසවිද ඇත්තේ එක් අවස්ථාවක ඔහු සහභාගී වූ සජීවී වැඩසටහනක් තුල එහි විවේක කාලයේදී ඉදිරිපත් කල ගීතයක් ව‍ශයෙනුයි. එහිදීත් මා පෙර පැවසූ ආකාරයට ගීතයේ අන්තරා කොටසේ දී වේදිකාව ඇතුලුව මුළු ශාලාවේම විදුලි පහන් නිවා ගායිකාව විසින් ඇගේ ආකාරයට ගීතය රසවිදින්න ආරාධනා කල බවක් පැවසුවා. එම අවස්ථාවේ ප්‍රේක්ෂකයන් සියල්ලන්ටම ඇය අන්ධ ගායිකාවක් බව හැගවීමට එම ඉදිරිපත් කිරීම සිදුකර ඇති බව පැවසුනා.
එමෙන්ම ගීතයේ Rock Version එක ගැන කතා කරනවා නම් ගීතය ගායකයින් දෙදෙනෙකු විසින් ගායනා කරනු ලබනවා. එයින් එක් ගායකයෙකු නම් මා බෙහෙවින් ප්‍රිය කරන රොක් ගාය‍‍කයෙකු වන chapz ‍නොහොත් ඉන්ද්‍රචාප ලියනගේයි. නමුත් අනෙක් ගායකයා හෝ සංගීතය නිර්මාණය කලේ කවුද යන්න නිවැරදිව මා හට සොයාගැනීමට නොහැකි වුනා. ඉතින් වෙනත් ගීත මෙන් එහි අන්තර්ගත‍ව ඇති අරුත විචාරය කරනවාට වඩා මෙම ගීතයේ නිර්මාණය සදහා දායක වූ විශිෂ්ඨයන්‍ සොයා ගැනීම වැදගත් බව මට හැගීගියා. ඉතින් ඒ සදහා ගීතය ගැන යම් තොරතු‍රක් ඇතොත් ඉදිරිපත් කරන ලෙසට පැල්පතට එන ඔබෙන් මා ඉල්ලා සිටිනවා . ඒ ‍වගේම ඉහත සදහන් කල තොරතුරු නිල තොරතුරු නොවන අතර එයින් ගායකයින්ට හෝ ගීතයට යම් හානියක් වේ නම් පැල්පත වෙනුවෙන් මා සමාව අයද සිටිනවා...


නැවත සැකසීමයි:
හොදයි හා පැටික්කී, හා මල්$han ඇතුළු මගේ පැල්පතට ගොඩවැදුණු සහෝදරයින් කිහිපදෙනාගේ අදහස් නිසා ලිපිය නිවැරදි ආකාරයට වෙනස් කරන්නට සිදු වුනා. ඔබ සියළුදෙනා විසින් ලබා දුන් මේ අදහස මට මෙන්ම ගීතය පිළිබඳ උනන්දුවක් තිබූ සැමට බෙහෙවින් වැදගත්වෙයි කියල මම හිතනවා.
Female version
ගායනය : මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ
Male version
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ සහ ...............
ඇල්බමය : "අභිනිෂ්ක්‍රමණය"

තවත් බෙහෙවින් වැදගත්වේ යැයි සිතෙන නිල නොවන අදහසක් මෙමගින් ඉදිරිපත් කිරීමට කැමතියි. මෙම ගීතයේ Rock version ගීතය ගායනා කරන අනෙත් ගායකයා අබාධිත පුද්ගලයෙකු බවත්, මෙම ගීතය ඉදිරිපත් කර ඇත්තේ අබාධිත පුද්ගලයින් වෙනුවෙන් වූ යම් වැඩසටහනකට බවත් පැවසෙනවා. ඉදිරියේදී නිවැරදි තොරතුරක් ඇතොත් ඉදිරිපත් කිරීමට පැල්පතෙන් මා බලාපොරොත්තු වෙනවා.


::::Classical Version එක මෙතනින් බාගන්න::::
::::Rock Version එක මෙතනින් බාගන්න::::

28 මේ ගැන කියපු කථා:

මාත් මේ සින්දුව මුලින්ම අහපු වෙලාවෙ මටත් අමුතුම රසයක් දැනුනා...ඒවෙලාවෙ ඉදල මේක ගැන හෙව්වට මොකුත් විස්තර හම්බුන් නෑ. මෙහෙම හරි විස්තරය හම්බුනු එක ලොකු දෙයක්.........ඒත් ඒ ගායිකාව අන්ධයි කිව්වහම හරිම දුකක් ඇති උනේ :(

 

ගායිකාව අන්ධයි කියන කතාවනම් මමත් අහලා තියෙනවා.. Rock එකට වඩා classical එකනම් ගොඩක් හිතට දැනෙනවා.. මම ආසම ගීත අතරින් එකක් මේක..

 

ස්තූතියි මේ වගේ වටිනා තොරතුරු ගෙන එනවාට.. මේ දිහා ආවේ හසිත කොල්ලගේ බ්ලොග් අවකාශය හරහායි....

 

@Hasitha ජයසූරිය: බොහෝම ස්තූතියි සහෝ අදහස් දැක්වුවාට. ගීතය ගැන තවත් විස්තර ලැබුනු විගස ලබාදෙන්නම්.

@ළමයා: ඔබටත් බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට.

@wath: හසිත සහෝටත් ඔබටත් ගොඩක් ස්තූතියි.

@Shadow/හේමලයා: Thanks 4 comment machn... :D

 

බොහොම ස්තූතියි බාගන්න දුන්නට.......

ගායනා කරන්නේ මේකලා ගමගේ....

මං හසිත මල්ලිය දාල තිබුන ලින්ක් එකෙන් තමා ආවේ. හෙළයා අයියගෙන් තමා මම මේ ගැන දැන ගත්තේ....... ආයේ ඒක මෙතන දන්න කම්මැලියි. මල්ලියගේ තැන මං හෙළයා අයියගෙ ඒ පෝස්ට් එකට ලින්ක් එක දැම්ම කැමතිනම් බලන්න...... (හරියට නිකන් මගේ වගේ කියන හැටි නේද..... :D :D)

 

ස්තුති මිත්‍රයා, මම ආවෙත් හසිතගෙ බ්ලොග් එක හරහා, මෙ වගෙ දෙවල් හරිම වටිනවා, මම දන්නෙ නැහැ, මෙ සින්දුව මම දෙපාරක් ඇහැව්වා, මෙ සින්දුවෙ වචන වලින් නොකියන ගොඩාක් දෙවල් කියවෙන්වා, කවුද මෙ සින්දුවෙ සංගීතය සංගිතය, ගේය පද කියලා කියන්න මම දන්නෙ නැහැ, හැබැයි මෙ අපෙ මනුස්සයෙක් නෙද මෙක හැදුවෙ කියලා දැනෙද්දි මට හරි සතුටුයි. මගෙ ඇස් දෙකට කඳුලු බින්දු කිපයක් ආවා මෙක අහද්දි.. ඔබට බොහොම ස්තුති මෙහෙම දෙවල් අපිත් එක්ක බෙදාගන්නවට.

 

හසිත මලයගෙ බ්ලොග් එකෙන් තමා ආවේ මෙ පැත්තට.... වර්ශන් දෙකම ගත්තා. ක්ලැසිකල් එකනම් උපරිමයි. මම ඇස් දෙක පියාගෙන අහන් හිටියා... අමුතුම හැඟීමක් එන්නේ....

බොහොම ස්තුතියි

 

http://mivsick.blogspot.com/2010/07/blog-post.html

 
This comment has been removed by the author.
 

@හා පැටික්කි (MS) : හා පැටික්කිට ස්තූති වන්ත වෙනවා ගොඩාක් වටිනා තොරතුරක් අප අතරේ බෙදා ගත්තට මෙය පොස්ට් එකට එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

@රවා : ගීතය රසවිද අදහසක් පලකර යාමට අමතක නොකරපු රවා සහෝදරයට හදවතින්ම ස්තූති වන්ත වෙනවා. මුලින්ම ගීතය රසවිදින අයට දැනෙන හැගීම සරලව නිවැරදිවම විස්තර කරල තියනවා.

@පිස්සා පලාමල්ල : හා පැටික්කී වගේම ඔබෙත් අදහස මීට පෙර මට ලැබිල තියනවා. ස්තූතිවන්ත වෙනවා සහෝ අදහසට...

$$$$විශේෂයෙන් කියන්න ඕනෙ හසිත මලයා ගැන සහ ඔහුගේ ලිපියේ පැල්පත ගැන සදහන් කර තිබීම ගැන$$$$$

 

Voice By - Mekala Gamage
Music- Ruwan Sri Walpola
Lyrics - Somalatha Herath Manike

 

ගීතය ගැන නොදත් බොහෝ දේ මෙතනින් ගත්තා.
ඔබට ජය මිත්‍රයා

 

ඇත්තටම අපූරු ගිතයක්..
ඔය සිදිධිය නිසා තමයි ගිතයේ විෂේශත්වය රඳා පවතින්නෙ සහ එහි අරුත වඩාත් ලස්සන වෙන්නෙ.

 

math meka ahuwama godak asa hithuna.. ath ithin wisthara danagena hitye na.. eka gana post ekak dapu gaman hichchi haami awith kuwane wisthar atika okkoma mata.. as walata kadulu enne apita as thiyana nisa.. ekath pudumai...

 

මම නම් ගොඩක්ම ආස ඔය කැලැසිකල් එකට , මොලේ කොලොප්ප වෙලා ඉන්න වෙලාවට ලුප් එකක් වගේ එක දිගට ඕක දාගෙන කරන වැඩක් කරනවා , මාර සනීපයක් මොලයට දැනෙන්නේ !!!

 

මේ පෝස්ට් එක නිසා තමයි මටත් සින්දුව ගැන ලියන්න හිතුනෙ.අයිය මුලින්ම් මේක එච්චර ජනප්‍රිය නෑ කියල දාල තිබ්බට අහපු කෙනෙක් එපා වෙනකම්ම අහන සින්දුවක් මේක.ඒත් කොච්චර ඇහුවත් එපා නම් වෙන්නෙ නෑ

 

මාත් හොය හොය ඉන්දපු සින්දුවක් තමයි මේක.හැමතැනම හෙවුවා.හම්බුනෙ නැ.අන්තිමට පැල්පතෙන් හම්බුනා.බොහොම ස්තුතියි.

 

බො‍හොමත්ම ස්තූතියි සෑම සියළු දෙනාටම ‍පොස්ට් එකට අදහස් දක්වලා තොරතුරු එකතු කලාට. මට වගේම අනෙත් අයටත් ගීතය ගැන නොදන්නා බොහෝ තොරතුරු එකතු කරගන්න හැකිවුනා කියල මම විශ්වාස කරනවා. ඉතින් ඉදිරියටත් පැල්පතත් එක්ක එකතුවෙන්න කියල සියළුදෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා...!

 

පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
මේ සින්දුව මුලින්ම අහපු වෙලාවෙ මටත් අමුතුම රසයක් දැනුනා.

 

හිතට වදින ලස්සන සින්දුවක්. මේක මම ‍රැට ඇස් දෙක පියාගෙන අහන්න හරිම ආසයි... ඒ වගේම කටහඩත් ලස්සනයි...

 

මෙම ගීතය ඇත්තටම අපූරු ගිතයක්
අපූරු විධියට සිතට කා වදිනවා
ගීතය ගැන නොදත් බොහෝ කරුණු
මා මෙතනින් ලබා ගත්තා. ස්තුතියි..............!

 

ඇත්තම කියනවනම් ගීතයේ අර්තය, එහි ඇති රසය මට දැනුන ආකාරය මෙහෙම‍යි කියල කියන්න අමරුයි. මොකද එ ගීතය එතරම්ම සුන්දර නිමැවුමක්. පැල්පතට මම ලියන මුල්ම වතාව. අපේ අප්පුහාමිය මගේ සුබපැතුම්.............කට්ටා brother...........

 

rock version

vocals - indrachapa liyanage and nadeeka guruge

music arrange by - nadeeka guruge and indrachapa

drums - harshan gallage

guitar - prihan

bass - i think nadeeka jayawardhane

 

meke anith singer amal perera

 

ඇත්තටම හදවතට දැනෙනව සිංදුවක්. ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්නකොට තවත් වදිනව වැඩියි. මොකද ඇස් දෙක පියා ගත්තාම මේ සිංදුව කියන සහෝදරිය වගේ අපිටත් ඇස් නොපෙනෙන කෙනෙකුගෙ හැඟීම් දැනෙන්න පටන් ගන්නව....මුල් සිංදුව කියන සහෝදරියට සුභ අනාගතයකට ආසිරි පතනව!

බොහොම ස්තූතියි සහෝ මේ වගේ ලස්සන සිංදු අපිට අරන් එනවට. ජය!

 

mewage song 1 denmata tnz..athama kathawakata panen panpowala...ekai 1 etharama lassana....

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!