රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...
දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ...
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට
රුවල් ඉරී ගිය...//
දින ගණනකින් හදවතේ රැන්දූ ගීයක් පැල්පතට ගොඩවී විදගැනීමට අවස්ථාවක් සැලසීමට නොහැකිවීම පිළිබඳ සමාව ඉල්ලා සිටිනවා. වැඩ අධික බව නිසාමත් තවත් කුමන හෝ හේතුවක් හෝ නිසාත් බ්ලොග් අඩවි ගැන පෙර තිබුනු රසසාස්වාදය ගිලිහී ඇති බවක් හැගෙනවා. නමුත් මුල් අවධියට වඩා බ්ලොග් අඩවිවල නම් අඩුවක් වී නැත. එතරම් අඩවි තිබුනත් පෙරසේ හිත් ඇද බැදගැනීමට නොහැක්කේ මන්ද.?ඔහුන් මේ බ්ලොග් හරහා සොයන්නේ මොනවාද...?බ්ලොග් අඩවි සම්මානයක්, නැතහොත් ජනප්‍රිය බ්ලොග් අඩවියක අයිති කරුවෙකු වීම එසේත් නැතහොත් ක්ලික් කරන පමාවට ඩොලර් උපයාගැනීමක්ද...?
හිතට දැනුනු කෙටි ප්‍රශ්නයක් සමගින් ආරම්භ වීමට සිදුවීම ගීය ගැන සිතීමට එය බාධාවක් සේ හැගේ නම් මදකට එයට තිත තබන්න. ගීය විශාරද නන්දා මාලිනියන්ගේ "රුවල් ඉරීගිය නෞකාවයි" මේ ගැන කතාකිරීමට මා හේතු කරගත්තේ මා අතිශය ප්‍රියකරන කටහඩක් හිමි නන්දා මාලිනියන්ගේ ගීයක් නිසාම නොවේ. ඇගේ අනෙකුත් ගී මෙන් නොව මේ ගීය පිළිබඳ සිතත්දී මුලින් හැගෙන බිදී ගිය ආදරයක් හෝ අඹුසැමි යුවලක් අතර වෙන්වීමක් සනිටහන් වන දෙයක්ද යන්න දෙගිඩියාවක් පැවතිනි.
නමුත් ගීතයේ රචකයා වූ නන්දා මාලිනියන්ට වැඩිපුර ගී ලියා දුන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පිළිබඳ හා ගීය බිහිවූ යුගය ගැන සලකා බැලීමේදී ගීයේ විචාරය මෙසේද ඉදිරිපත්කල හැක.,මුල්පද පෙලේ කියැවෙන රුවල් ඉරීගිය නෞකාව ලෙස එකල රට තුල පැවති විප්ලවකාරී කණ්ඩායම් පිළිබද කියැවෙන බවක් හැගේ. එමෙන්ම මේ ගීයේ රැදුනු සගයන් පිරිසක් තම නියමුවා එසේත් නැතිනම් තම නායකතුමාට පවසන දෙයක් සේ හැගී යයි. එහිදී ගීය රසවිදින ප්‍රේකෂකයින් හට එම විප්ලවකාරී සමාජය තුල තම නායකයා කෙරෙහි හා නායකතුමා ඔහුන් කෙරේ ඇතිකර තිබූ දැඩි බැදීම පිළිබද ඉතා පැහැදිලිව පවසයි. එනම් ඔහුන් තම ජීවිතය පවා ඒ වෙනුවෙන් යොමුකරනු ඇතැයි හැගේ...
දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
මෙසේ අන්තරා කොටස ගායනා කරන විට අපට හැගෙන්නේ, මෙතෙක් කාලයක් තම කණ්ඩායම මැඩලීමට උත්සහ දරණ විට තම කණ්ඩායමේ ප්‍රභලයන් ඔහුන්ට හසුවී විනාශ වී යන මොහොතක තවමත් අප සමග රැදී වුන් ඔබ, එනම් අපේ නියමුවානනි, දැන් ඔබට පිටව යන්නට අවස්ථාව එළඹ ඇත. අප ගැන නොසිතන්න..
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට
නැවතත් ගීයේ අවසානයට එළබෙන විට මෙතෙක් ගීයෙන් අර්ථවත් වූයේ මෙය පවසන්නේ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස හැගුනත්, දැන් මෙම අවස්ථාවේ පවසන "හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස "ලෙස මා නමින් අර්ථවත් කරනුයේ මේ විප්ලවවාදී කණ්ඩායම දැයි මට හැගේ.
කෙසේ වෙතත් අතිවිශිෂ්ඨ ගීයක අර්ථරසය පිළිබඳ කෙටි අදහසක් මට හැගෙන පරිදි ලබාදීමට හැකිවුනා යැයි මට හැගේ., ඉතින් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා පැල්පතේ මාගේ සහෘද්යින්ගෙන් මාහට මෙන්ම ඔබටත් හැගීයන යම් අදහසක් ගීය පිළිබද ඇත්නම් ඉදිරිපත් කරන ලෙස...:::ගීතය මෙතැනින් බාගන්න:::
7 මේ ගැන කියපු කථා:
මට නම් මෙතනදි දැනුනෙ.. කිසියම් කරුනකට ලොකෙන් අපවාද විඳින ගැහැනියක් මෙතුවක් කල් තමන්ට සෙනෙහස දක්වපු, තමන්ව ආදරෙන් බලාගත්තු පිරිමියට කියනවා... ඇති දැන් මාව රැකගත්තා, තව දුරටත් දෙයක් නැහැ මම ගාව, ඔයා මෙතන හිටියොත් ඔයාටත් ලොකු කරදරයක් වෙන්නෙ.. ඔයා දැන් යන්න කියන දෙයි... එක හරි ලස්සනට කියනවා
මෙකෙ මට දැනුනෙ නැහැ විප්ලවය අතහැරපු ලෙසට කියපු දෙයක් කියලා.. මොකද විප්ලයෙදි ලොකු වීරත්වයක් ආරොපනය වෙනවා. එ ආරොපනය නැති වෙද්දි එන හැගිමක් නෙමෙ මෙ තනුව හින්දා එන්නෙ. හොදට අහන්න. මම ගොඩාක් කාලෙක ඉදන් ආස කරන සින්දුවක්.
පොඩි විප්ලවයක් අතහැරපු ගතියකුත් තියනවා. :D
දැන් නං අවුලක් නෑ....ඔක්කොම නැව් ඇවිල්ලා ඇංජින් තියෙන ඒවනේ....රුවල් නැව් නැත්තටම නෑ.....
@ රවා : ස්තූතියි රවා එක් කරපු අදහස් වලට, මුලින් මුලින් මටත් දැනුනේ පළමුවෙන් කියන අඹුසැමියන්ගේ සම්බන්ධයක් ගීයේ අන්තර්ගතය වෙලා ඇති කියලා. නමුත් ඉන් වෙනස් වුන දැන් මම සඳහන් කරල තියන විප්ලවයක සලකුණක් දැක්වෙනවා ඇති කියල හිතුනම කලින් කී කථාවට වැඩි ඒත්තු ගැන්වීමක් ගීතයේ තියනවා කියල හැඟුනා..
පුද්ගලයන් මත අප ඉදිරිපත්කරන විචාරයන් එකිනෙක වෙනස් විය හැකියි...තර්කානුකූල විචාරකයෙක් විදියට ඉදිරියටත් පැල්පතට ගොඩවෙන්න කියල ආරාධනා කරනවා..
@ ඔබ නොදුටු ලොවක්...
හික්...ඒකත් ඇත්ත තමයි
මේ ගීතය.... මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇත්තේ අපේ ඉතිහාසගත පුවතක් ගැනයි...සෝමා දේවී.....එදා වළගම්බා රජතුමා සොළින්ට බයෙන් පලා යද්දී ඒ රිය බර වැඩි කමට වේගය අඩාල උනා..ඉතින් සෝමා දේවිය කලේ තම කැමැත්තෙන් ඒ රියෙන් බැස වළගම්බා රජුට නිරුප්‍රද්‍රිතව පලා යාමට ඉඩ සැලැස්වීමයි..ඒ මොහොතේ ඇගේ සිතේ ඇති වුයේ යයි සිතිය හැකි හැගීම් සමුදාය මේ ගීතයට කැටි කොට තිබෙනවා..පසුව වළගම්බා රජතුමා එදා සෝමාවතී දේවිය බැස්ස තැන සෝමාවතී නම් වෙහෙරක්ද කරවූ බව ඉතිහාසයේ සඳහන්....
එකම ගීතය විවිධ ෙකෝණ වලින් රස විඳිය හැකි වීම උසස් පද රචනයක ලක්ෂණයයි. ෙවෙනත් ආකාරයකින් කිවුවොත් එක එක ෙකෙනාට තමන්ගේ හැඟීම්, අදහස්, අත්දැකීම් තුළින් ගීය තමන්ගේ කරගැනීමට ඇති හැකියාව එම ගීයේ සාර්ථකත්වයයි.ෙමෙම ගීතය මා කියවන්නෙ ෙවෙනත් ආකාරයකට. ෙමෙහි ඇත්තේ පියවි ෙලොවේදී ප්‍රකාශ කළ ෙනොහැකි, පියවි ෙලොවේදී අසම්මත, අනියම් ෙසේ ගැනෙන එහෙත් උත්තුංග ෙප්‍රේම කතාවක අවසන ඒ ෙපෙම්වතිය, තම ෙපෙම්වතාගේ සම්මතයේ සාර්ථකත්වයන් ෙවෙනුවෙන් තමන්ගේ ආදරය කැප කරන, එසේත් නැත්නම් මරා දමන ෙමොහොත. මුහුඳ අසම්මතයයි, ෙගොඩබිම සම්මතයයි, නැව ඔවුනගේ ආදරයයි, එහි රුවල් ඉෙරෙන්නෙ අසම්මතයෙ පදවන නිසයි
Post a Comment
අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!