෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

Veer Zaara(2004)400mb.&.All.video.Songs


ඔන්න ඉතින් අයෙත් දවස් කිහිපයකට පස්සේ වැඩ පොඩ්ඩක් අඩු වෙලාවක් බලලා පැල්පතේ අයට විශේෂ යමක් අරගෙන ආවා. ඒ තමයි ඉංග්‍රීසි උපසිරසත් සමග Veer-Zaara(2004) චිත්‍රපටයේ 400mb ටොරන්ට් එක සහ චිත්‍රපටයට ඇතුලත් සියලුම ගීත වල වීඩි‍යෝ දර්ශන. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ වගේ පරණ චිත්‍රපටයක් ඇතුලත් කලේ ඇයි කියල. ඒකට ප්‍රධාන හේතුව වුනේ මේ වනවිටත් ඉතා සාර්ථකව‍ තිරගත වෙන My Name Is Khan චිත්‍රපටය. Rizvan Khan නමැති මුස්ලිම් ජාතික තරුණයෙකුට ඇමෙරිකාවේ දී සිදුවන අසාධාරනයක් ගැන My Name is Khan වලින් පිළිඹිබු වෙනවා. ඒ වගේම හින්දු ජාතික Veer Pratap Singh නම් තරුණයාට පකිස්තානයේ දී සිදුවන අසා‍ධාරණයක් පිළිබදව Veer-Zaara චිත්‍රපටයෙන් කියැවෙනවා...ඉතින් චිත්‍රපට දෙකම මම සැසදීමට උත්සහ කරන්නෙ නැ.නමුත් මම සදහන් කල චරිත දෙකම චිත්‍රපටයේ නිරූප‍නය කරන්නේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් විසින්. 2004 වර්ෂයේ Veer-Zaara චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කල ෂාරුක් ඛාන් හට IIFA Awards, Star Screen Awards, Zee Cine Awards, Bollywood Movie Awards සහ Global Indian Film Awards යන සම්මාන උළෙල වලදී හොදම නළුවාට හිමි සම්මානය පිරිනැමුනා. චිත්‍රපටයට හිමි වූ සියලු සම්මාන ගැන කතා කරනවනම් ප්‍රධාන වශයෙන්, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ සම්මාන 15කට මෙම චිත්‍රපටය නිර්දේශ වූ අතර එයින් Best Dialogue, Best Story සහ Best Lyricist යන සම්මාන 3 දිනාගනු ලැබුනා. මීට අමතරව ඉන්දියාවේ අනෙකුත්, ප්‍රසිද්ධ සම්මාන උළෙල 7 කදී සම්මාන 30 අධික ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වුනා. මෙයිනුත් හොදම නළුවා, හොදම නිලිය, හොදම සහය නිලිය, හොදම සහය නළුවා සහ හොදම අධ්‍යකෂක යන සම්මාන ප්‍රධාන වෙනවා. ඉතින් මෙතරම් සාර්ථක චිත්‍රපටයක් සදහා දායක වූ පිරිස ගැන පොඩි සටහනත් දාන්නම් කියලා හිතුවා.
සුපුරුදු පරිදි සුපිරි නිර්මාණයක සුපිරි අධ්‍යක්ෂකගේ හිමිකාරීත්වය Yash Chopra හට හිමිවී තිබෙන අතර නිශ්පාදන දායකත්වය Aditya Chopra හා Yash Chopra විසින් දරා තිබෙනවා. කථාව ලියා ඇත්තේ ද Aditya Chopra විසිනි. ඒ ‍‍වගේම සංස්කරණය Ritesh Soni විසින් ද සිනෙමාරූපණය Anil Mehta විසින් ද සංගීතය Madan Mohan හා Sanjeev Kohli විසින් ද මැනවින් ඉටුකර දී ‍තිබෙනවා. ඉතින් මිනිත්තු 191 පුරා දිවයන මෙම චිත්‍රපටය IMDB rank 7.3/10 ම ලබාගෙන තියෙනවා. තවද නිර්මාණය සදහා සම්පූර්ණ වියදම $400,000 පමණ වන අතර මෙම චිත්‍රපටයේ ආදායම $12,938,532 පමණ වන බව සදහන් වෙනවා. ඒ ‍වගේම චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු Yash Raj Films ආයතනය විසින් සිදුකර ඇති අතර 2004 ‍නොවැම්බර් මාසයේ 12වන දින ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙනවා. චිත්‍රපටයේ ඇතුලත් නළු‍ නිලියන් පිළිවෙලින්,
Shahrukh Khan - Veer Pratap Singh ලෙසත්,
Preity Zinta - Zaara Haayat Khanලෙසත්,
Rani Mukerji - Saamiya Siddiqui නම් නිතීඥවරිය ලෙසත්,
Manoj Bajpai - Raza Shirazi ලෙසටත් ප්‍රධාන චරිත සදහා දායකත්වය සපයා තිබෙනවා.

ඉතාම රසමුසු දුක්බර වගේම හැඟුම්බර ආදර කථාවක් ‍සමග අලංකාර ගීත කිහිපයකින් සමන්විත වී ඇති මෙම චිත්‍රපටය තවමත් නැරඹීමට නොහැකි වූ අයට හා නැවතත් නැරඹීමට කැමති අය ඇති නම් පැල්පතෙන් ඒ අවස්ථාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා....


My Name Is Khan(කතා බහ)

සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා  කරනවා පැල්පතට ආපු හැමෝටම...ඉතින් ඔන්න අලුත්ම චිත්‍රපටයක කතා බහක් අරගෙන තමයි මම අද පැල්පතට අවේ.ඉතින් මම මේ කියන්න යන්නේ දැන් මේ දවස් වල ගොඩක් කථාවෙන, පෙබරවාරි 12 වෙනිදා ඉදලා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වු කරන් ‍ජෝහර්ගේ MY NAME IS KHAN චිත්‍රපටය ගැනයි. ඉතින් මම වාගේම අපි කවුරුත් ආදරය කරන ‍බොලිවුඩයේ රජු ලෙස විරුදාවලිය ලබා ඇති සුපිරි නළු ෂාරුක් ඛාන් සමගින් කාලෙකට පස්සේ සුරූපි නිළි කාජල් දේව්ගන්, මෙහි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබාදී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ත්‍රස්තවාදය හා ජාතිභේදය පිළිඹිබු වෙලා තියෙනවා කියලා ගොඩක් ආන්දෝලනයකට ලක්වෙලා තියෙන‍වා. නමුත්‍ මෙහි සුන්දර ආදර කථාවක් ගැබ්වෙලා ‍තියෙනවා කියල තමයි සදහන්වෙන්නෙ.
ඉතින් මෙහි කථා සාරාංශය ගැන කියනවනම් රිස්වාන් ඛාන් නමැති මානසික රෝගීතත්වයකින් පෙලෙන මුස්ලිම් දරුවෙකු තම මව සමග මුම්බායි නගරයේ බොරිවාලි නම් ගමේ ජීවත් වෙනවා. රිස්වාන් තරුණ වියට එළබෙත්ම ඔහුගේ එකම සොහොයුරා හා ඔහුගේ බිරිද සමග ඇමෙරිකාවේ සැන් ෆැරැන්සිස්කෝ නගරය වෙත පිටත්ව යනවා.ඉතින් මෙහිදී රිස්වාන්ට සුරූපි මන්දිරා නම් තරුණියක් මුණ ගැසෙනවා.කාළය ගතවෙත්ම මාපියන්ගේ ආශිර්වාද මැද මොවුන් විවාහ දිවියට එළබෙනවා.මේ කාල‍ය වෙනකොට එනම් සැප් 11 තමයි ඇමෙරිකාවට ත‍්‍රස්තප්‍රහාරය එල්ලවෙන්නෙ. මේ සිදුවීමෙන් පස්සේ රිස්වාන් යුවලට බොහෝ කරදර වලට මුහුණ‍ දීමට සිදුවෙනවා. ඒ හේතුව නිසාම රිස්වාන් යුවලට වෙන්වීමට ද සි‍දුවන අතර සිය බිරිද සමග නැවත එකතු වීමට රිස්වාන්ට කරදර බාධක වලින් පිරුන දුෂ්කර ගමනකට එක් වීමට සිද්දවෙනවා. රිස්වාන්ට සිදුවන කරදර මොනවාද? බිරිද සමග නැවත එකතුවීමට ලැබෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ගන්න නම් අනි‍වර්යෙන් මේ චිත්‍රපටය නරඔන්නම වෙනවා.ඉතින් කරන් ජෝහ‍ර්ගේ පස්වන සිනමා නිර්මානය වන මෙය ධර්ම ප්‍රඩක්ෂන් හා රෙඩ් චිලි එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් නිර්ෂ්පාදය කරල තියෙනවා. ඒ වගේම ෆොක්ස් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් මෙහි ප්‍රචාරන කටයුතු හා බෙදාහරීම් කරල තියනවා.මම පොරොන්දු වෙනවා මෙම චිත්‍රපටයේ හොද පිටපතක් ලැබුනු ගමන් පැල්‍පතේ අයට ‍ලබා දෙනවා කියල...සුභ දවසක්..!

කථාව - කරන් ජෝහර් හා ෂිබානි බතීජා
තිර රචනය - ෂිබානි බතීජා
සංගීතය - ශන්කර් / ඊශාන් / ලෝයි 


AVATAR [2009]


ඔන්න‍ එහෙනම් මෙච්චර කල් හිච්චිහාමිනේ ලිපි ලියුවේ මෙන්න එහෙනම් මගෙනුත් අලුත්ම ලිපියක් සුපුරුදු විදියටම බලලා ප්‍රතිචාරයක් දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.ඉතින් මං ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල අති සාර්ථක ලෙස තිරගත වෙන AVATAR චිත්‍රපටයේ හොදම ටොරන්ට් කොපිය. ඉතින් චිත්‍රපටය ගැන ටිකක් කියන්නම් කියලත් හිතුවා.මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ 2154 දි සිද්දවෙන අපූරු සිදුවීමක්...
චිත්‍රපටයේ රචනය හා අධ්‍යක්ෂනය යන දෙකම කරලා තියෙන්නෙ James Cameron විසින්. ඒ වගේම Sam Worthington, Zoe Saldana, Sigourney Weaver, Michelle Rodriguez Saha හා Stephen Lang යන අයත් සහ‍ය වෙලා තිය‍නවා.මෙහි ප්‍රධාන චරිතය වන Jake Sullyගේ චරිතය නිරූපනය කරනු ලබන්නේ Sam Worthington විසින් සහ Zoe Saldana විසින් Neytiriගේ චරිතය නිරූපනය කරනු ලබනවා. ඉතින් චිත්‍රපටය හදන්න පටන්ගෙන තියෙන්නෙ 1994 වර්ශයේයි. මේ අවුරුද්දේ Cameron විසින් ප්‍රථම වරට පිටු 80 පිටපතක් ලියලා තියෙනවා.1994 පටන් ගත්ත මේ චිත්‍රපටය ඇත්තටම මංගල දර්ශනය පවත්වන්න හිතන් ඉදලා තියෙන්නෙ 1999 වර්ශයේ දි නමුත් Cameronට මේ කාලය වන විට තමන්ට අවශ්‍ය මට්ටමේ සාර්ථක නිර්මාණයක් කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ මේ කාලය වෙනකොට AVATAR නිශ්පාදනය සාර්ථක කිරීමට තරම් තාක්ෂනයක් නොතිබීම.
AVATAR චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු සදහා මුලින්ම ඇස්තමේන්තු කරපු මුළු මුදල ඩොලර් මිලියන 237යි. එපමණ මුදලක් ඇස්තමේන්තු කලත් නිර්මාණය අතිසාර්ථකව අවසන් වෙනකොට ‍ඩොලර් මිලියන 310කට ආසන්න මුදලක් වැය වූ බව තමයි ආරංචි වෙන්නේ. මීට අමතරව මෙහි පූර්ව ප්‍රචාරන කටයුතු සදහා ඩොලර් මිලියන 150ක මුදලක් වැයකරල තියෙනවා කියලයි පැල්පතේ අපිට දැනගන්න ලැබුනේ. ඉතින් මෙය මුළු ලෝකය පුරාම ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 දෙසැම්බර් 16 වැනිදා. මෙහි පළමු දර්ශනවාර කිහිපයේදීම Box Office වාර්ථා කිහිපයක්ම බිද දමන්න සමත්වෙලා තියෙනවා.
මෙම නිර්මාණය සඳහා නිර්දේශ වූ සම්මාන ගැන කියනවනම් මෙවර එනම්, 9වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ හොදම රූප රචනය හා හොදම අධ්‍යක්ෂනය යන සම්මාන දෙක සදහාම AVATAR යෝජනා වෙලා තියෙනවා කියලයි දැනගන්න ලැබෙන්නේ.
ඉතින් මේ අනර්ඝ නිර්මාණය මෙසේ තිරගත වෙද්දී මෙහි අධ්‍යක්ෂකවරයා වන James Cameron විසින් මෙහි දෙවන චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ද ආරම්භ කරඇති බව අපට දැනගන්න ලැබුනා...

ඉතින් කියන්න ‍ඔනේ මෙම ලිපිය සැකසීමේ දී මගේ සහෝදර හිච්චිහාමි‍ගේ උපකාරය මට නොමදව ලැබුනා ඒ වගේම අමතක කරන්න හොද නැහැ අපිට ගොඩක් උදව් කරන සයිL3න්ටි[කිL3ර්] සහොදරයාවත්...,අන්තිමටත් ඔය‍ගොල්ලන් හැමෝ‍ටම කියන්නේ චිත්‍රපටය නරඹලා ප්‍රතිචාරයක් දක්වන්න කියලා...


Rab Ne Bana Di Jodi All mkv Music Videos

ඔන්න එහෙනම් මේ වතාවේ පැල්‍පතෙන් ලැබෙන්නෙ බොලිවුඩ් සිනමාවේ 2008 වර්ශයේ අතිශය ජනප්‍රිය ‍වුන Rab Ne Bana Di Jodi චිත්‍රපටියේ සියලුම ගීතවල Music Videos.ඉතින් රස විදලා ප්‍රතිචාරයක් දෙන්න කියල ඉල්ලා සිටිනවා.
ඉතින් මේත් එක්කම මේ චිත්‍රපටය ගැනත් පොඩි විස්තරයක් දෙන්නම් කියලා හිතුවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය හා රචනය කරල තියෙන්නෙ ආධිත්‍ය චොප්රා නම් අති දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්,ඒ වගේම මෙහි නිශ්පාදන කටයුතු Yash Raj Films ආයතනය විසින් කරල තියෙනවා, චිත්‍රපටයේ කථාව ගොඩක් අමුතු වෙනස්ම නිර්මාණයක් කියල කියන්න පුළුවන් ඒ හේතුව හින්දම සහ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ රංඟනය නිසාම, මෙම චිත්‍රපටිය මෙතරම් ජනප්‍රිය වෙන්න ඇති කියලයි මගේ මතය.ඒ වගේම අමතක කරන්න හොද නැහැ මෙහි Taaniගේ චරිතය නිරූපනය කරන අනුෂ්කා ෂර්මාගේ රංඟනය ගැන, දමිල සිනමාවේ අනුෂ්කාව නිතර දකින්න ලැබුනත් හින්දි සිනමාවට එහෙමත් නැතිනම් බොලිවුඩ් සිනමාවේදී ඇගේ රංඟනය දැකගන්න ලැබුනු ප්‍රථම අවස්ථාව තමයි මේ චිත්‍රපටය. ඉතින් ගොඩක්ම මෙහි කැපීපෙනෙන්නේ අනුෂ්කාගේ හා ෂාරුක් ඛාන්ගේ නර්ථනය.2008 දෙසැම්බර් 12 වැනිදා ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකම තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටය IMDB rank 10න් 6.6ක් ම ලබාගෙන අතිසාර්ථක ලෙස තිරගත වුනා.ඉතින් මිනිත්තු 167 පුරා දිවයන මේ චිත්‍රපටය තරුණ වයසේ බොලිවුඩයට ආදරය කරන සෑම දෙනෙකුම නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලයි පැල්පතේ අපි දෙන්නා‍ගේ අදහස...
ඉතින් ඒ ‍වගේම ඔයාලාත් කැමති හින්දි චිත්‍රපටයක වී‍ඩියෝ අවශ්‍යනම් අපේ පැල්පත‍ට ගොඩවැදිලා දැනුම් දීමක් කරන්න කියල මං ඉල්ලා සිටිනවා...
[{[(::: Posted by හිච්චිහාමි :::)]}]

-=®Track List®=-

01 Dance Pe Chance
02 Dancing Jodi
03 Haule Haule
04 Haule Haule Music
05 Phir Milenge Chalte Chalte
06 Rnbdj1 Music
07 Rnbdj2 Music
08 Tujh Mein Rab Dikhta Hai
09 Tujh Mein Rab Dikhta Hai 2
10 Tujh Mein Rab Dikhta Hai 3
11 Tujh Mein Rab Dikhta Hai 4 (Slow Female)
12 Tujh Mein Rab Dikhta Hai 5 (Last)
13 Tujh Mein Rab Dikhta Hai 5 (Last2)

Centigradz 2nd Album Rusiri


ඔන්න එහෙනම් හා හා පුරා කියලා හිච්චිහාමි වන මම විසින් ඉදිරිපත් කරන පලවෙනි ලිපිය.ඉතින් කියවලා බලලා හොදයි නම් බා‍රගෙන ප්‍රතිචාරයක් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
මගේ පළවෙනි ලිපියෙන් ලබා දෙන්නෙ මේ දවස්වල ජනප්‍රිය සංගිත කණ්ඩායමක අලුත්ම ගීත එකතුවක්.ඒ තමයි CENTIGRADZ සංගීත කණ්ඩායමේ රූසිරි කියන ගීත එකතුව.‍ගොඩක් අය දැනටමත් මේක රසවිදලා ඇති කියල මම හිතනවා.ඉතින් අහන්න බැරි වුන අයට මෙන්න අපේ පැල්තෙන් ඒකට අවස්ථාව තියෙනවා.
ඉතින් ගීත‍ එකතුව සහ සංගීත කණ්ඩායම ගැනත් පොඩ්ඩක් කියනවනම්,
CENTIGRADZ සංගීත කණ්ඩායම විසින් එලිදක්වපු දෙවන ගීත‍ එකතුව තමයි මේ රූසිරි කියන්නේ.මොවුන්ගේ පළවෙනි ගීත ඇල්බමය එනම් උරුමය නිකුත් කරලා, අවුරුදු 4කට පස්සේ තමයි මෙම ගීත‍ එකතුව එළී දක්වල තියෙන්නෙ. මෙහි ගීත 18 අඩංගු වෙලා තියෙනවා. සිංහල ගීත‍ වගේම මෙහි එක් ද්‍රවිඩ ගීතයකුත් ඇතුලත් වෙලා තියෙනවා. මේ ද්‍රවිඩ ගීතය පැහැසර නුඹෙ ආදරේ කියන සිංහල ගීතයේ තනුවටම අනුව තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ.ඒ වගේම මෙම ගීත‍යේ පද රචනය කරල තියෙන්නේ ජූඩ් ජයප්‍රකාශ් විසිනුයි.
ඉතින් මෙහි තියෙන අනෙක් විශේෂත්වය වෙන්නෙ මෙහි නිශ්පාදන කටයුතු කරල තියෙන්නෙ මැක්රො එන්ටර්ටේන්මන්ට් හා සිනමන් රෙකෝඩ් කියන අලුත්ම අයතන දෙක මගිනුයි.
ඉතින් ගීත‍ එකතුව නම් අති සාර්ථකයි...අහලම බලන්න..



ඉතින් හැමෝටම ඔන්න ආයුබෝවන් කිව්වා.බොහෝම ස්තූතියි අපේ මේ පුංචි පැල්පතට හා හා පුරා කියලා ගොඩ වැදුනට. ඉතින් ඉදිරියටත්, යන එන ගමන් අපේ පැල්පතටත් ‍ගොඩ‍වැදිලා යන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා.
ආ...සමාවෙන්න අපි අපි කියල කිව්වට මගේ සහෝදරයා අදුන්නලා දෙන්න බැරි වුනානේ..එයා තමයි අප්පුහාමි.
මේ පැල්පතේ මීට පස්සේ ඔබ තමුන්නාසේලාට මුණ ගැහෙන්නෙ අපි දෙන්න තමයි...
හොදයි එහෙනම් ඔන්න අද ඉදලා අපි ලග තියෙන වටිනා කියන දේවල් ඔබ සියලු දෙනාට ඉදිරිපත් කරන්නයි සූදානම. ඉතින් එවා බලලා ප්‍රතිචාරයක් ඉදිරිපත් කරන්න කියලා ඔබ තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා...

ආයුබෝවන් මම හිච්චිහාමි......!

ඉතින් හැමෝටම ඔන්න ආයුබෝවන් කිව්වා.බොහෝම ස්තූතියි අපේ මේ පුංචි පැල්පතට හා හා පුරා කියලා ඔබ තමුන්නාන්සේලා ගොඩ වැදුනට. ඉතින් අද පටන් මේ යන එන ගමන් අපේ පැල්පතටත් ‍ගොඩ‍වැදිලා යන්න කියලා ඉල්ලා සිටිනවා.ආ සමාවෙන්න අපි අපි කියල කිව්වට මගේ සහෝදරයා අදුන්නලා දෙන්න බැරි වුනානේ..එයා තමයි අප්පුහාමි. මේ පැල්පතේ මීට පස්සේ ඔබ තමුන්නාසේලාට මුණ ගැහෙන්නෙ අපි දෙන්න තමයි...