෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"ඔබ හීනයක් වගේ"


ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

නිතරම වගේ ඇති වන මගේ පමා වීමට, සමාවක් ඉල්ලමින් ඔන්න ටික දිනකට පස්සේ පැල්පතට ගොඩ වැදුනා...අළුත් ලිපිය පටන් ගැනීමට පෙරම අහන් ඉන්න ගීතයට ලැබුනු ප්‍රතිචාර වලට හා තොරතුරු වලට ස්තූති වන්ත වන බව මුලින්ම කියන්න ඕනෙ. අළුත් දෙයක් පැල්පතට එකතු කිරීමට පමා වීමට එක් පුංචි හේතුවක් වුනේ මේ ගීතය. ඒ මෙම ගීතය නොඇසූ අයට අවස්ථාවක් දීමට යැයි කිව්වොත් නිවැරදියි.
එසේ නම් උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ පද රචනයට රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයෙන් රසවත් වුන, පුරා වසර කිහිපයක සිටම තවමත් අප හදවත් තුල රැව් පිලි රැව් දෙන තවත් එක් අලංකාර ගීතයක් මෙසේ පැල්පතට එක් කරන්න මා සිතුවා..."ඔබ හීනයක් වගේ" විශාරද දීපිකා ප්‍රියදර්ශනි විසින් රසවත් ලෙස ගායනා කරන මෙම ගීතය සෙනේශ් දිසානායකයන්ගේ ආදරනීය වස්සානය චිත්‍රපටයේ ගීතයක් වෙනවා. පෙර ගීත මෙන්ම මෙය නොඇසූ රස නොවිදිය කෙනෙක් නොමැති තරම්. නමුත් තවමත් ඔබේ ගීත එකතුවට මෙම ගීතය එකතු කර ගැනීමට නොහැකි වූවානම් පැල්පතෙන් ඒ සඳහා අවස්ථාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා...



::::‍ගීතය මෙතනින් බාගන්න::::