෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"අහන් ඉන්න - අහගෙන ඉන්න"


අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//


සුභ දවසක් අදත් පැල්පතට එක වුන හැමොටම. ඉතින් ඔන්න අද අරගෙන ආපු ‍ගීතය නම් එතරම්ම ජනප්‍රිය වුන ගීතයක් නොවෙයි. ‍නමුත් ගීතය මෙතෙක් මා දන්නා තරමින් ඇසූ සියළු දෙනා පැවසුවේ ගීතයේ ඇති රසය සහ එහි අරුත කියා නිමකල නොහැකි බවයි. නමුත් අවාසනාවකට වගේ මේ ගීතයේ ගායනය, තනු නිර්මාණය හා සංගීතය නිර්මාණය කලේ කවුද යන්න මෙතෙක් සොයාගන්නට නම් නොහැකි වුනා. නමුත් මේ ගීතය ගැන තොරතුරු මා දන්නා කිහිප දෙනෙකුගෙන් සපයා ගන්නට හැකිවුනා. ඉතින් ගීතයේ අර්ථය පැහැදිලි කරනවාට වඩා එය නිර්මාණය කරන ලද්දේ කුමක් සදහාද යන්න සොයා බැලීම ඊට වඩා වැදගත් බව පැහැදිලි වුනා.
එසේනම් මුලින්ම කියන්නම් ගීතය මගේ සවනතට වැටුනු ආකාරය. ඉතින් ගීතය මා හට ලබා දුන් පුද්ගලයා ගැන පැල්පතට අමුතුවෙන් හදුන්වාදිය යුතුව නැතැයි මම විශ්වාස කරනවා එනම් ඔහු තමයි පැල්පතේ මගේ ස‍හෝදර අමිLaයා. ඔහු විසින් දැනට මාස කිහිපයකට පෙර ලබාදුන් මේ ගීතය තවමත් මා රසවිදින්නේ ඉතාම කැමැත්තෙන්. ගීතය ලබාදීමේදී ඔහු විසින් ලබාදුන් තොරතුරු කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්. එනම් මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ සංගීත ක්‍රම දෙකකිනුයි. එක් ක්‍රමයක් එනම් මෙහි ladys Version එක ඉදිරිපත් කර ඇත්තේ clasical ක්‍රමයටයි. නමුත් මෙහි අනෙක් ගීතය Rock Music Style එකෙන් ඉදිරිපත් කරල තියෙනවා. ගීතය ගැන තවත් වැදගත්ම තොරතුරු ඔහු විසින්ම අපට හදුන්වා දුන්නා. එනම් මෙම ගීතය ගායනා කරන ගායිකාව අන්ධ බව පැවසෙනවා. ඒ බව ගීතය තුල ප්‍රේකෂකයාට ඒත්තු ගැන්වීමට ගීතය ගායනා කරන අතර එහි අන්තරා කොටස අවසා‍නයේ "මෙතෙක් ගීතය ඇසුවේ ඔබේ විදියටයි, දැන් මගේ විදියට ගීතය රසවිදින්න" යනුවෙන් ගායිකාව ආරාධනා කරනවා. මෙම අවස්ථාවේ මෙතෙක් අප ගීතය රසවිදි ආකරය සපුරාම වෙනස්ව අනුකම්පාව මුසු අමුතුම හැගීමක් සිතට ඇතිවෙනවා. ‍ඒ බව ඉතාම හොදින් රසවිදි තවත් විශේෂ පුද්ගලයෙක්ගෙන් මා හට තොරතුරු ලැබුනා ඔහු නම් බ්ලොග් කලාවේ අප කවුරුත් හදුනන "ආගන්තුකයා" විසිනුයි, ඔහු මෙම ගීතය මුලින්ම රසවිද ඇත්තේ එක් අවස්ථාවක ඔහු සහභාගී වූ සජීවී වැඩසටහනක් තුල එහි විවේක කාලයේදී ඉදිරිපත් කල ගීතයක් ව‍ශයෙනුයි. එහිදීත් මා පෙර පැවසූ ආකාරයට ගීතයේ අන්තරා කොටසේ දී වේදිකාව ඇතුලුව මුළු ශාලාවේම විදුලි පහන් නිවා ගායිකාව විසින් ඇගේ ආකාරයට ගීතය රසවිදින්න ආරාධනා කල බවක් පැවසුවා. එම අවස්ථාවේ ප්‍රේක්ෂකයන් සියල්ලන්ටම ඇය අන්ධ ගායිකාවක් බව හැගවීමට එම ඉදිරිපත් කිරීම සිදුකර ඇති බව පැවසුනා.
එමෙන්ම ගීතයේ Rock Version එක ගැන කතා කරනවා නම් ගීතය ගායකයින් දෙදෙනෙකු විසින් ගායනා කරනු ලබනවා. එයින් එක් ගායකයෙකු නම් මා බෙහෙවින් ප්‍රිය කරන රොක් ගාය‍‍කයෙකු වන chapz ‍නොහොත් ඉන්ද්‍රචාප ලියනගේයි. නමුත් අනෙක් ගායකයා හෝ සංගීතය නිර්මාණය කලේ කවුද යන්න නිවැරදිව මා හට සොයාගැනීමට නොහැකි වුනා. ඉතින් වෙනත් ගීත මෙන් එහි අන්තර්ගත‍ව ඇති අරුත විචාරය කරනවාට වඩා මෙම ගීතයේ නිර්මාණය සදහා දායක වූ විශිෂ්ඨයන්‍ සොයා ගැනීම වැදගත් බව මට හැගීගියා. ඉතින් ඒ සදහා ගීතය ගැන යම් තොරතු‍රක් ඇතොත් ඉදිරිපත් කරන ලෙසට පැල්පතට එන ඔබෙන් මා ඉල්ලා සිටිනවා . ඒ ‍වගේම ඉහත සදහන් කල තොරතුරු නිල තොරතුරු නොවන අතර එයින් ගායකයින්ට හෝ ගීතයට යම් හානියක් වේ නම් පැල්පත වෙනුවෙන් මා සමාව අයද සිටිනවා...


නැවත සැකසීමයි:
හොදයි හා පැටික්කී, හා මල්$han ඇතුළු මගේ පැල්පතට ගොඩවැදුණු සහෝදරයින් කිහිපදෙනාගේ අදහස් නිසා ලිපිය නිවැරදි ආකාරයට වෙනස් කරන්නට සිදු වුනා. ඔබ සියළුදෙනා විසින් ලබා දුන් මේ අදහස මට මෙන්ම ගීතය පිළිබඳ උනන්දුවක් තිබූ සැමට බෙහෙවින් වැදගත්වෙයි කියල මම හිතනවා.
Female version
ගායනය : මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ
Male version
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ සහ ...............
ඇල්බමය : "අභිනිෂ්ක්‍රමණය"

තවත් බෙහෙවින් වැදගත්වේ යැයි සිතෙන නිල නොවන අදහසක් මෙමගින් ඉදිරිපත් කිරීමට කැමතියි. මෙම ගීතයේ Rock version ගීතය ගායනා කරන අනෙත් ගායකයා අබාධිත පුද්ගලයෙකු බවත්, මෙම ගීතය ඉදිරිපත් කර ඇත්තේ අබාධිත පුද්ගලයින් වෙනුවෙන් වූ යම් වැඩසටහනකට බවත් පැවසෙනවා. ඉදිරියේදී නිවැරදි තොරතුරක් ඇතොත් ඉදිරිපත් කිරීමට පැල්පතෙන් මා බලාපොරොත්තු වෙනවා.


::::Classical Version එක මෙතනින් බාගන්න::::
::::Rock Version එක මෙතනින් බාගන්න::::

"සිංහල ෆොන්ට් පැල්පතෙන්"


සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා සුපුරුදු විදියට, ඉතින් අද අරගෙන ආපු ලිපිය නම් ‍මින් පෙර පැල්පතෙන් ඉදිරිපත් කල ලිපියක්මයි. ඉතින් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලිපිය නැවත සංස්කරණය කර ඉදිරිපත් කරන්නට සිතුවේ මෙම ලිපියේ ව‍ටිනාකම පිළිබද පෞද්ගලිකව මා හට ලිපි එවූ අය නිසාමයි. ඉතින් ලිපිය ගැන පැවසීමට ගොඩක් කාරණා නැ. පරිගණකය අශ්‍රිත වැඩකරන අපට නැතිවම බැරි දෙයක් වන්නේ මේ සිංහල අකෂරයි. ඉතින් සිංහල අකෂර එකවර බාගත කර හැකි වෙබ් අඩවියක් මෙතෙක් මා නම් දන්නේ නැති තරම්. ඉතින් මේ නිසාම සිංහල අකෂර 100කට අදික ප්‍රමාණයක් පැල්පතට ඉදිරිපත් කිරීමට මා සිතා ගත්තේ. ඉතින් මෙහි ප්‍රයෝජනවත් බව මෙය අශ්‍රිත ඉන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුව නැතැයි මා විශ්වාස කරනවා. බාගත කරගත් මෙම අකෂර නිවැරදිව පරිගණකය තුල ස්ථාපනය කිරීම සදහා ක්‍රමය මා නොදන්නා අය උදෙසා දල ව්‍ශයෙන් පැහැදිලි කරන්නම් එනම් මුලින්ම start - Control Panel යන්න‍ තොරාගන්න ඉන්පසු එහි ඇති Font යන අයිකනය තොරා ඔබ බාගත කරගත් ෆොන්ට් සියල්ල Copy කර ඉහත කී Font අයිකනය තුලට Paste කරගන්න.
ඉතින් ලිපිය බාගත කර ගැනීමට ආරාධනා කරන ගමන් අදහසක් එකතුකර යන්න කියලත් මතක් කර සිටිනවා...


::::මෙතනින් බාගන්න::::

"සිහින හතක්"


සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...//

ඔබ මගෙ පැල්පතට පැමිණ
අයාචනයක් කරමින්...//
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා...

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත...//
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි...

එදා ම‍ගේ හද අරගත්
ඔබ අද වැඩි පොහොසත්...//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ...//

සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා පැල්පතට ගොඩවැදිල ඉන්න හැමෝටම. ඉතින් සමාවෙන්න ‍ඕනෙ දින කීපයකින්ම මේ පැත්තට ඒමට නොහැකි වූවාට. ඉතින් දින කිහිපයකට පස්සේ අද අරගෙන ආපු ගීතය ගැන කියන්න කලින්, ගීතය මට ඇහුනු විදිය ගැන පොඩි කතාවක් කියන්න ඕනෙ. කථාව ඇර‍ඹෙ‍න්නෙ මෙවර පොසොන් නිවාඩුවේදී මා සහභාගී වුනු අම්පාර වන්දනා චාරිකාවේදීයි. ඉතින් සුපුරුදු විදියට අප සහභාගී වූ මේ ගමනේ විනෝදය වැඩිකරගන්න හිතාගෙන මමත් ඇතුලු අපේ නඩයේ සිටි තවත් තරුණ අය කිහිප දෙනෙක් සමගින් ගීත ගායනා කරමින් සිටියා. ඉතින් බහුතරයක් නව පරපුරේ ගීත වුවත් පැරණි ගීතත් දන්නා තරමින්‍ හෝ ගායනා කලේ වැඩිහිටි කිහිප දෙනෙකුත් ගායනයට හවුල් වේවි කියා සිතුනු නිසාමයි. ඉතින් මේ අතරේ අප ගායනා කල ගීත වල යම් මන්දගාමී අවස්ථාවක් පැමිණි වෙලාවක ගීතය ගායනයට මෙතෙක් අවතීර්ණ නොවුනු මගේ පියාත් ගීතයක් ගායනා කිරීමට සූදානම් වූ බවක් පෙනුනා. බො‍හෝම කලාතුරකින් එන මෙවැනි අවස්ථාවක, අනෙත් අයගේත් අවධානය ඔහුවෙත යොමුකරමින් මා අප්පච්චීගේ ගීතයට සහාය පලකලා. වෙනදා ගායනා කරන, අප්පච්චී ප්‍රිය කරන ගීත කිහිපයක් ඇතිනිසා එවන් ගීතයක් බලාපොරොත්තු වුවත්, මා විසින් නොඇසූ අලුත් ගීතයක් කොහෙත්ම බලාපොරොත්තු වූයේ නැ. කෙසේ වුවත් එම අවස්ථාවේ මෙම ගීතය කෙතරම් උචිත වූවාද කිවතොත්, තරුණ පරපුරේ අපි කිහිප දෙනෙක් හැරෙන්නට වාහනය තුල සිටි සියලු දෙනාම ගීතය මුමුණනු මට පෙනුනා. ඉතින් ඒ විදියට සවනට වැටුනු ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෙතරම් රමණීය ගීතයක් මෙතෙක් ඇසීමට නොහැකී වීම පිළිබඳ එම අවස්ථාවේ මා තුල මහත් කණගාටුවක් ඇති වුනා.
ඉතින් මේ සිදුවීමෙන් පසුව තමයි ගීතය පැල්පතට ගෙන ආ යුතුයි කියා මා සිතුවේ. ඉන්පසු ගීතය කිහිපවරක් රස විද තමයි අද ගීතය මෙලෙසින් ඉදිරිපත් කරන්නෙ. ගීතය ගායනා කරනු ලබන්නේ වික්‍ටර් රත්නායක ශූරීන් විසිනුයි. ගීතයේ අරුත පිළිබද පැවසීමේදී ගීත රචකයාගේ අදහස වී ඇත්තේ ආදරයක් බලාපොරොත්තුවෙන් සිටින, ඒ පිළිබද සිහින දකින කෙනෙකුට ඔහුගෙන් සරණක් බලාපොරොත්තුවෙන් පැමීණෙන පෙම්වතියක් ගැන වග මුල් පද කිහිපය තුලම ‍පැහැදිලි වෙනවා. ඒ අවස්ථාව මානා ලෙස ගැලපීමට ඔහු අසලට අයාචනයක් කරමින් පැමිණෙන යාචකාවියක් පිළිබද ගීතය තුලින් ඉදිරිපත් කරනවා. එසේ අයාචනා කරමින් පැමිණෙන යාචකාවියට සරණ වීමට වෙන කිසිවක් නැති මොහොතක ඔහු තුල තිබූ නොයිදුල් පිරිසිදු හදවත එනම් ඔහුගේ ආදරය පිරිනැමූ බව ගීතයේ අන්තරා කොටසින් ඉදිරිපත් කරනවා. නමුත් ගීතයේ අවසානයට පිවිසෙත්ම අද වර්තමානය වන විට එදා හදවත අරගත් යාචකාවිය අද ඔහුටත් වඩා පොහොසත් වී ඇති බවත්, මේ මොහොතේ එදා ඇයට පිහිට වූවාක් මෙන් ඔහුට ද පිහිට වන ලෙස ඇයට ආරාධනා කරයි.
ඉතින් වෙනදාට වඩා ලිපිය ටිකක් දිග වුනාට සමාවෙන්න ඕනෙ. ඉතින් සුපුරුදු පරිදි ගීතය රසවිද, වෙනත් අදහස් ඇතිනම් ඉදිරිපත් කරන ලෙසත් සියලු‍ දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලාසිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::