෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"හන්තානට පායන සඳ"


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//

සුභම සුභ දවසක් කියල ප්‍රාර්ථනා කරනවා පැල්පතට ආපු හැමොටම ඉතින් වැඩ ගොඩාක් වැඩි දවස් ටිකක් තමයි ගෙවිල ගියේ. ඒ හින්දා පැල්පතට ගොඩ වදින එකත් ටිකක් අඩු වුනා. ඉතින් පැල්පතේ අය දැනටමත් දන්නව ඇති මමත් කන්ද උඩරට කෙනෙක් කියල. ඉතින් ගමේ වැඩිය ඉන්නෙ නැති නිසා ඒ පැත්ත මතක් වෙන ගීතයක් ඇහුනොත් ඒක හිතට ගොඩාක් දැනෙනවා. ඉතින් අද අරගෙන ආපු ගීතය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ ඉතාම අලංකාර ගීතයක් වෙනවා. මේ ගීතයේ සංගීත‍ය නිර්මාණය කරල තියෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ වාදන කණ්ඩායම මෙහෙය වන්නා වන නාලක අංජන කුමාර මහතා විසිනුයි. ගීතය ගායනය කරන්නේ නම් අපි කව්රුත් හොදින් දන්නා අමරසිරි පීරිස් නම් අතිවිශිෂ්ඨ කලාකරුවා විසින්. ගීතය ඇතුලත් වන්නේ "නිල් කැට වැස්ස" ගීත ඇල්බමයේයි. මේ ගීත ඇල්බමය කිසිදු වෙළඳ ආයතනයක විකිණීමට නැති බවයි මගේ මතය. ගීත ඇල්බමයේ නිශ්පාදන කටයුතු සිදුකලේ මා දන්නා තරමින් දිවයිනේ විශිෂ්ඨ භෞතික විද්‍යාදේශකයෙකු වන මාගේ උසස් පෙල ගුරු කීර්ති ධර්මසිරි මහතායි. එතුමා නිසා ගීත‍ය දැනට වසර කීපයකට පෙර ඉතා රසවත් ලෙස මා හට ඇසීමට හැකීවූ බව කියන්නේ මහත් ආඩම්බරයෙන්...

ඉතින් ගීතය ගැන පැවසීමේදී ආරම්බයේදීම හන්තාන කදු පන්තියට පායන සඳ ගැනත් පසුව මහවැලි නදිය ගැනත් මතක් කර දීමේදී ගීතය විශ්ව විද්‍යාලයට සම්බන්ධ බව රසවිදින අපට හැගීයයි. විශ්ව විද්‍යාලය තුල ඇතිවන ආදරනීය හමුවීම්, හදවතට දැනෙන වෙන්වීම් ගැන කියැවූ ගීත අප කොතෙකුත් අසා ඇතත් මේ ගීතය ඒ අතරින් සුවිශේෂයි කියල කියන්න පුළුවන්. තමා සමග කලක් පෙමින් වෙලී සිටි ප්‍රේමවන්තිය අද තමා තනිකර වෙන අයෙකු වෙත ගොස් ඇතිබවත්, තමන් ආදරය කල අවදියේ ඇතිවූ මිහිරි මතකයන් සිතින් ඉවත් කර නව දිවිය සතුටින් ගෙවන ලෙස පෙම්වතා දුක්බර ලෙස පවසයි. මේ අදහස ගීතයේ ඉදිරිපත් කරන අයුරු කෙතරම් අපූරුද යන්න හැගෙන්නේ ගීතය අවසාන පද කීපය අප දෙසවනට ඇසෙන මොහොතේයි. ගීතය බොහෝ දෙනෙක් අසා ඇතැයි සිතනවා. එහෙත් මෙතෙක් ගීතය ලග නොමැති අයට පැල්පතෙන් ගීතය ලබා ගන්න කියල ඉල්ලා සිටිනවා. ඒ වගේම හැමදාම කියනවා වගේ අදහසක් දක්වලා ගීතයේ ඇති අඩුපාඩු පෙන්නලා දෙන්න කියල ආදරයෙන් මතක් කරනවා.


ගීතය පිළිබඳ ඉතා සාර්ථක අදහසක් තීර්ථ යාත්‍රිකයා විසින් පැල්පතට ‍එකතු කර ඇති අතර ඒ අදහසින් පසු මෙතෙක් මා තුල ගීතය ගැන තිබූ අදහසට යම් වෙනසකමක් ඇති වී ඇත. ඉතින් තීර්ථ යාත්‍රිකයා හට ස්තූති කරන අතර මගේ අදහස ද වෙනස් නොකර එලෙසම තබා ඇත. ඔබටත් ඔහුගේ අදහසින් ගීතය රසවිදින ලෙස ආරාධනා කරනවා...



::::ගීතය‍ මෙතනින් බාගන්න::::

13 මේ ගැන කියපු කථා:

පොඩි එකතු කිරීමක් කරන්න තිබෙනවා.
අපිත් කීර්ති සර්ගේ පන්තියේදී මෙම ඇල්බමය දොරට වැඩීමට පෙර කීපවරක්ම රසවින්දා.මෙහි කියවෙන්නේ තරුණයෙක් සහ තරුණියක් පෙමින් වෙලි සිටිනවා.උසස් පෙල විභාග ප්‍රථිපල මත තරුණියට පේරාදෙණි සරසවියට ඇතුල්වීමට හැකිවුණත් තරුණයාට හැකිවන්නේ නැහැ ඒ කඩඉම ජයගන්න.මේ ඔහුගේ සිතුවිලි සමුදායයි.
"හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න
by the way , please remove the wordverification dude. it sucks

 

@ තීර්ථ යාත්‍රිකයා : සාදරයෙන් ඔබවත් පැල්පතට පිළිගන්නා අතර ලබා දුන් අදහසට ස්තූතියි වන්ත වෙනවා. මා පෞද්ගලිකව බලාපොරොත්තු වන්නේත් ගීතයේ අර්ථය පැහැදිලි වන වඩා නිවැරදි විචාරය සොයාගැනීමටයි ඒ සඳහා ඔබගේ අදහසත් මා එකතු කරගන්නා බව දන්වා සිටිනවා.

 

@තීර්ථ යාත්‍රිකයා

sry for writing in singlish,at the moment i dnt have any other way,

කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//

matanm hithenne wena deyak man meka wena blog ekakath kiwa dwasak,AL walin kolla fail kella campus gya kyana eka hari,eth ita passe mata hithena widiyata kella wena kollek ekka yaluwela campus eke,game kollawa atha arala,ekane kude yatin yaddi thaniyak dannenne epa kyanne,eka thama me pada tiken kyanne,me latha madulu kyanne normal gas wennath puluwan me uda pada tika kiyewwama,

mata me thawa hithena deyak,me tika dakkama
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

me tika wenama gaththoth mata hithenwa mahaweli ganga gawa tiyena gas gana kyala,e kiyanne ithn lovers lane ne,ethkota ithn meke arthe tikak darunu wennath puluwan ;) ethakota ithn kalin kolla gana amathaka karala .............. :P

me mata hithena adahas ithn kauruth tharaha ganna epa,saahitha nirmanayaka arthaya apita eka eka widiyata dakinna puluwn,

me wage thawa nirmayak man kyannm
"magema geeyak nalawili swarayen...... " kyala ekak tiyenne
eka ganath wicharayk karamuda ;)

 

මේක හරිම සුන්දර ගීතයක්.සුන්දරත්වය වගේම විශිෂ්ඨ පද රචනය නිසාම විවිධ අර්ථ මැවෙනවා.

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න

පෙම්න් වෙලුන තරුණයා සහ තරුණිය,දෙදෙනා වෙන්කරන උසස් පෙළ කඩඉම,පේරාදෙණිය සරසවියට ඇතුලත් වෙන තරුණිය සහ නොහැකිවන තරුණයාගේ සුසුම.
-----------------------------------------
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

දෙදෙනාගේ ආදරය තිබුණත් සරසවි බිමේ තරුණිය තනිවමයි.මොකද තවම ආදරය තරුණයාට නිසා.ඒක තරුණයාත් දන්නවා.ඒ නිසා ඔහුත් ඇයට අවංකවම ආදරේ නිසාත්

කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

---------------------------------------------
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

තරුණයා සහ තරුණිය ස්ථර දෙකක. "දුරස්වීමෙන් හදවත් ලංවේ"
ඒක අවංක ආදරය සම්බන්ධයෙන් සත්‍යයක්.නමුත් තරුණයාට දැනෙනවා දෙදෙනා ස්ථර දෙකක නිසා තව දුරටත් ඉදිරියට යාම ප්‍රශ්න ඇතිකරවන්නක් බව.ඒ නිසාම ඔහු ඇයට අවංකව ආදරය කරන නිසාම තරුණියට නොකියා කියනවා සමාන ස්ථරයෙන් අලුත් ආදරයක් සොයා යන්න කියලා.
---------------------------------------------
මේක වෙන කෙනෙකුට වෙනස් විදිහට හිතෙන්න පුලුවන්. මොකද ආයෙත් කියනවා මේක විශිෂ්ඨ පද රචනයක්

මචන් word verification අයින් කරන්න පුලුවන්න නම්
comments දාන්න ටිකක් අමාරුයි

 

@ තීර්ථ යාත්‍රිකයා : අඩුපාඩුව ගැන පැහැදිලි කලාට නැවතත් ස්තූති වන්ත වෙනවා. පද පේලි ගලපා ඒ අනූව එහි අරුත පැහැදිලි කර දුන්නාට ගොඩක් ස්තූතියි. මේ දිරිගැන්වීම ඉදිරියටත් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා...ඔබ කියූ අඩුපාඩු නිවැරදි කර නැවත ලිපිය සකස් කර ලගදීම නැවත එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා...

 

ජය වේවා . හොඳින් කරගෙන යන්න

 

ෆ්‍රොම් පත්තෙ,

මුලින්ම හිච්චිහාමි මහත්තයට බොම ඉස්තුති කරන්න ඔනි, මොකද මමා මේ පල්පතට අලුත් වගෙම මම මෙකට සෙන්දු වුන දෙවනි අවස්තාව්වෙදිම මගෙ කොලබොක්කටම වදුනු ගීතයක් එයගේ පල්පතට එකතුකලාට එහෙනම් හිච්චිහාමි මහත්තයො ඔයාට "බොහොම ඉස්තුති..........."

මම මුලින් කිව්වනෙ මෙක මගෙ කොලබොක්කටම වදුනු ගීතයක් කියල අත්තටම මෙක මට පුද්ගලිකව ගලපෙන ගීතයක් වගෙම මෙම ගීත්යෙන් කියවෙන අර්ථයට වඩා මෙම ගීත්යෙන් කියෑවෙන ප්‍රදේශය තමා මට වඩාත් සිත තුල රන්දෙන්නෙ.

ගීතයෙ මෙම කොටස තමා මාගේ සිතට වඩාත්ම ආකර්ශනය වන්නේ එම නිස මම ගීතයෙ එම කොසස මෙතනින් රදවන්නම්........

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

මට ඉතින් ගීතය ගන වර්නනා කරන්න තරම් තෙරුමක් නොමති උනත් මෙම ගීතයෙන් මගෙ හිතට දනෙන දේ මෙසේ ප්‍රකාශ කලා මම හිතනව අපේ හිච්චිහාමි මහත්තය මෙකට අකෑමති නොවෙයි කියලා.............

එහෙනම් මම ගියෝ.........................

 

@ Tharindu: මුලින්ම බොහෝම ස්තූතියි කියන්න ඕනෙ අදහස දැක්වුවාට...පැල්පතට නිතර ආවෙ ගියේ නැතිවුනාට නිතරම වගේ මගෙන් පැල්පත ගැන විමසන පිරිසක් තමයි ඔයගොල්ලන්. ඉතින් අදහස පත්තෙ සහෝට හිතට වදින විදිය ගැන අපි හොදින්ම දන්නවා ඒත් ගීතයේ සැබෑ අර්තයේ ඇති සම්පූර්ණ තේ‍රුම නම් අයිති නැ කියල මතක තියා ගන්න. තවදෙයක් සුළු වෙනසක් උනා හිච්චිහාමි නම නම් දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ~®RaසිYa®~ නමින් මාව මතක තියාගන්න කියල මතක් කරනාවා...

 

"තීර්ථ යාත්‍රිකයා" හිතන දේ හරි කියලා හිතනවා.
මටත් මෙක මගෙ බොක්කටම වදුනු ගීතයක් ඒ වගේම මට පුද්ගලිකව ගලපෙන ගීතයක්

"ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න..."

"ලතා මඩුළු " වලින් අදහස් කරන්නේ වෙන කොල්ලෝ ද???

 

ඔය කියන්නේ පේරාදෙණිය සරසවියේ පෙම්කරන උදවියටම වෙනුවුන ලව් ලේන් එක ගැන

 

පෙම්වතාට දැනෙනවා ඇයයි ඔහුයි අද ඉඳන් සමාජ ස්ථර දෙකක් කියලා. මේ වෙලාවෙදි තමයි පෙම්වතා ට විරහා වේදනාව දැනෙන්නේ. ඔහුට දැනෙනවා සරසවියට ඈ ගියා ම ඔහුට ඇය ව නැතිවෙයි කියලා. සාමාන්‍යයෙන් ලස්සන තරුණියක් තනියම සරසවියට ගියා ට ඇය එළියට එන්නේ තනියම නෙවෙයි කියලා සමාජයේ තියෙන කතාව පෙම්වතා ට මතක්වෙනවා. ඒ හින්දා ම ඔහු කියනවා "මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න" කියලා. සරසවියක් කියන්නේ එක එක විදියේ අය ගැවසෙන තැනක්. ඒ විශාල පිරිස මැද්දේ ඈ තනිවෙයි කියලා පෙම්වතා ට පුංචි බයකුත් දැනෙනවා. ඇගේ ආරක්ෂාව ගැන ඔහු ගමේ ඉඳන් ලත වෙනවා මේ විදියට "කුඩේ යටින් ඔබ යනෙනා විට එපා තනිය දැනෙන්න". ඒ හින්දා ම පෙම්වතා ටිකක් විතර දරුණු තීරණයක් ගන්නවා. "ලතා මඬුළු අත වනාවි එපා අහක බලන්න". ලතා මඬුළු ළඟ ඉඳන් අත වනන ප්‍රේමවන්තයන්ගෙන් කෙනෙකුට ඈ කැමති නම් ඔහු ඇයගෙන් ඉවත් වෙන්න තීරණය කරනවා මේ විදියට "මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න". පේරාදෙණිය සරසවියයි මහවැලි ගඟයි කියන්නේ එකිනෙකට බද්ධ වුන වස්තූන් දෙකක්නේ . ඒ නිසා ම පෙම්වතියට කැමති නම් ඔහු නම් ගැන මතකය, ආදරය හැමදේම මහවැලි ගඟට සදහට ම දාන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. …

පද රචකයා ගොඩක් අපූරුවට පෙම්වතාගේ විරහව අකුරු වලට ගලපලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේ ම ඇත්තට ම ඒ දෙන්නා අතරේ නියම ආදරයක් තියෙනවා නම් ඒ දෙන්නට වෙන් වෙන්න වෙන එකකුත් නැති වේවි කියලා මට හිතෙනවා, ඒත් ඔය වගේ අවස්ථා වලදී සම්බන්ධය නොබිඳී තියෙනවා මම දැකලා තියෙන්නේ නම් ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ කෙල්ල කැම්පස් ඇවිත් කොල්ලා එලියේ ඉන්නවා නම්. ඒත් කොල්ලා කැම්පස් ඇවිත් කෙල්ල එළියේ ඉන්නවා නම් කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒ සම්බන්ධය ස්ථාවරයි. ඒ අතරේ කැම්පස් එකේ ඉද්දි තනියට කියලා තවත් කෙල්ලෙක් එක්ක සෙට් වෙන කොල්ලොත් නැතුවා ම නෙවෙයි. අර මුලින් කිව්ව විදියට වෙන්න හේතුව අනාගතයේ ඒ දෙන්නගේ සමාජ ස්ථර අතර ඇතිවෙයි කියලා හිතන ඝට්ටනය වෙන්නෝන මම හිතන්නේ. එක අතකට දෙන්න ම කතා කරලා යාළුකමත් තියාගෙන ම සුහද ව වෙන්වෙනවා නම් ඒකත් හොඳයි නේද?

ඒ කොහොම වුනත් මොන අවස්ථාවකදි වුනත් කොල්ලෝ මේ තරම් පරිත්‍යාගශීලී විය යුතු ද? මගේ මතය නම් ඔව් කියන එක. තමන්ට වඩා හොඳ කොල්ලෙක්, තමන්ගේ කෙල්ලට ලැබෙන්න යනවා නම් ඒකට තියෙන බාධාව තමන් නම් අනිවාර්යෙන් ම ඇත්තට ම කෙල්ලට ආදරේ කොල්ලෙක් කරන්නෝන කෙල්ල ගෙන් අයින් වෙන එක කියලා මම හිතනවා. කොහොමත් මේ ගැන එක එක්කෙනාගේ එක එක විදියේ අදහස් තියෙන්න පුළුවන්. කොහොම වුනත් යාළුවනේ මේ ගැන සංවාදයට විවෘතයි. ඒ නිසා ඔයාලාගේ අදහසුත් එකතු කරන්නකෝ මේ ගැන. මේ ගීතයේ පද රචකයා සහ තනු නිර්මාපකයා ගැන නම් හොයාගන්න බැරිවුනා. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් සටහනක් තියන්න. මොකද සින්දුවක් කියන්නේ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා කියන තුන්දෙනාගෙම සාමූහික උත්සහයක ප්‍රතිඵලයක් නිසා...

 

පද රචනය ධම්මික බණ්ඩාර. සංගීතය ඩැනිස්ටර් පෙරේරා.

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!