
ගීතයක අරුතට වඩා යමක් එක්කරන්න අද මම හිතුවා. දැන් ලබා දෙන ලිපිය ගැන කියන්න නම් බොහෝ දේ තිබුණත් මේ ගැන කථා කිරීමට අවශ්‍ය නැ කියලයි මගේ අදහස, මොකද අද වන විට මේ ගීතය හා මේ නාට්‍ය ගැන අසා නැති කෙනෙක් නොමැති තරම්...ඉතින් තවත් රසවත් නොකර කියන්නම් ඒ ජයන්ත චන්ද්‍රසිරි නම් අති විශිෂ්ඨ අධ්‍යකෂකවරයාගේ දඩුබස්නාමානය නම් ටෙලි නාට්‍යයයේ තේමා ගීතයයි. ටෙලි නාටකය පිළිබඳ සදහන් කිරීමේ දී ප්‍රධාන චරිත රගපෑ
ශ්‍රියන්ත මෙන්ඩිස්
බුද්ධදාස විතානාරච්චි
කමල් අද්දරආරච්චි
සේනක විජේසිංහ
විශිෂ්ඨ නළුවන් සේම, දමිතා අබේරත්න වැනි විශීෂ්ඨ නිලියන් ගැන මතක් කල යුතුම වෙනවා...ඉතින් තවත් මේ නාට්‍යයේ ජනප්‍රියත්වය වත් එය දිනූ සම්මාන පිළිබඳවත් මා කථා කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නැ.නමුත් මෙහි තේමා ගීතය ගැන ඔබ නොදන්නවා ඇතැයි සැලකෙන දෙයක් සදහන් කරන්නම් මෙම ගීතයේ සංගීත අධ්‍යකෂනය සිදුකර ඇත්තේ අප රට තුල මෙතෙක් බිහිවූ අති දකෂ සංගීත අධ්‍යකෂක වන පේමසිරි කේමදාස මහතායි. ඒ වගේම මෙහි තනුව ගැන යමක් කියනවනම් මේ නිර්මාණය සඳහා ජයන්ත චන්ද්‍රසිරි මහතා මහනුවර ශ්‍රී දළාදා මාළිගයේ රහසිගතව ගායනා කරන කොල්මුර නම් කවි ආස්‍රයෙන් නිවවූ බව සදහන් වෙනවා. මේ තනු නිර්මාණයෙන් පසු මොහුට මේ කවි ඇසීමට ආරාධනා ලැබුනු බවද සඳහන් වෙනවා...කෙසේ නමුත් අප නොදන්නා මෙවන් නිර්මාණශීලී යමක් ගැබ්ව නැතිනම් මෙතරම් මෙම නිර්මාණය ජනප්‍රිය වීමට ඉඩ නොතිබෙන්නට ඇත.
ඉතින් සුපුරුදු පරිදි තවත් අදහස් හා මේ පිළිබඳ තවත් තොරතුරු ඇත්නම් පැල්පතට රැගෙන එන්න කියල මම ආරාධනා කරනවා...