෴ පැල්පත෴

"අමිල රසිකත්වයක් රැදි, හදේ ගිමන්හල.."

"සිහින හතක්"


සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ...//

ඔබ මගෙ පැල්පතට පැමිණ
අයාචනයක් කරමින්...//
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා...

කිසිවක් දෙන්නට මට නැත
තිබුනේ පිරිසිදු හදවත...//
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි...

එදා ම‍ගේ හද අරගත්
ඔබ අද වැඩි පොහොසත්...//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ...//

සුභ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා පැල්පතට ගොඩවැදිල ඉන්න හැමෝටම. ඉතින් සමාවෙන්න ‍ඕනෙ දින කීපයකින්ම මේ පැත්තට ඒමට නොහැකි වූවාට. ඉතින් දින කිහිපයකට පස්සේ අද අරගෙන ආපු ගීතය ගැන කියන්න කලින්, ගීතය මට ඇහුනු විදිය ගැන පොඩි කතාවක් කියන්න ඕනෙ. කථාව ඇර‍ඹෙ‍න්නෙ මෙවර පොසොන් නිවාඩුවේදී මා සහභාගී වුනු අම්පාර වන්දනා චාරිකාවේදීයි. ඉතින් සුපුරුදු විදියට අප සහභාගී වූ මේ ගමනේ විනෝදය වැඩිකරගන්න හිතාගෙන මමත් ඇතුලු අපේ නඩයේ සිටි තවත් තරුණ අය කිහිප දෙනෙක් සමගින් ගීත ගායනා කරමින් සිටියා. ඉතින් බහුතරයක් නව පරපුරේ ගීත වුවත් පැරණි ගීතත් දන්නා තරමින්‍ හෝ ගායනා කලේ වැඩිහිටි කිහිප දෙනෙකුත් ගායනයට හවුල් වේවි කියා සිතුනු නිසාමයි. ඉතින් මේ අතරේ අප ගායනා කල ගීත වල යම් මන්දගාමී අවස්ථාවක් පැමිණි වෙලාවක ගීතය ගායනයට මෙතෙක් අවතීර්ණ නොවුනු මගේ පියාත් ගීතයක් ගායනා කිරීමට සූදානම් වූ බවක් පෙනුනා. බො‍හෝම කලාතුරකින් එන මෙවැනි අවස්ථාවක, අනෙත් අයගේත් අවධානය ඔහුවෙත යොමුකරමින් මා අප්පච්චීගේ ගීතයට සහාය පලකලා. වෙනදා ගායනා කරන, අප්පච්චී ප්‍රිය කරන ගීත කිහිපයක් ඇතිනිසා එවන් ගීතයක් බලාපොරොත්තු වුවත්, මා විසින් නොඇසූ අලුත් ගීතයක් කොහෙත්ම බලාපොරොත්තු වූයේ නැ. කෙසේ වුවත් එම අවස්ථාවේ මෙම ගීතය කෙතරම් උචිත වූවාද කිවතොත්, තරුණ පරපුරේ අපි කිහිප දෙනෙක් හැරෙන්නට වාහනය තුල සිටි සියලු දෙනාම ගීතය මුමුණනු මට පෙනුනා. ඉතින් ඒ විදියට සවනට වැටුනු ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෙතරම් රමණීය ගීතයක් මෙතෙක් ඇසීමට නොහැකී වීම පිළිබඳ එම අවස්ථාවේ මා තුල මහත් කණගාටුවක් ඇති වුනා.
ඉතින් මේ සිදුවීමෙන් පසුව තමයි ගීතය පැල්පතට ගෙන ආ යුතුයි කියා මා සිතුවේ. ඉන්පසු ගීතය කිහිපවරක් රස විද තමයි අද ගීතය මෙලෙසින් ඉදිරිපත් කරන්නෙ. ගීතය ගායනා කරනු ලබන්නේ වික්‍ටර් රත්නායක ශූරීන් විසිනුයි. ගීතයේ අරුත පිළිබද පැවසීමේදී ගීත රචකයාගේ අදහස වී ඇත්තේ ආදරයක් බලාපොරොත්තුවෙන් සිටින, ඒ පිළිබද සිහින දකින කෙනෙකුට ඔහුගෙන් සරණක් බලාපොරොත්තුවෙන් පැමීණෙන පෙම්වතියක් ගැන වග මුල් පද කිහිපය තුලම ‍පැහැදිලි වෙනවා. ඒ අවස්ථාව මානා ලෙස ගැලපීමට ඔහු අසලට අයාචනයක් කරමින් පැමිණෙන යාචකාවියක් පිළිබද ගීතය තුලින් ඉදිරිපත් කරනවා. එසේ අයාචනා කරමින් පැමිණෙන යාචකාවියට සරණ වීමට වෙන කිසිවක් නැති මොහොතක ඔහු තුල තිබූ නොයිදුල් පිරිසිදු හදවත එනම් ඔහුගේ ආදරය පිරිනැමූ බව ගීතයේ අන්තරා කොටසින් ඉදිරිපත් කරනවා. නමුත් ගීතයේ අවසානයට පිවිසෙත්ම අද වර්තමානය වන විට එදා හදවත අරගත් යාචකාවිය අද ඔහුටත් වඩා පොහොසත් වී ඇති බවත්, මේ මොහොතේ එදා ඇයට පිහිට වූවාක් මෙන් ඔහුට ද පිහිට වන ලෙස ඇයට ආරාධනා කරයි.
ඉතින් වෙනදාට වඩා ලිපිය ටිකක් දිග වුනාට සමාවෙන්න ඕනෙ. ඉතින් සුපුරුදු පරිදි ගීතය රසවිද, වෙනත් අදහස් ඇතිනම් ඉදිරිපත් කරන ලෙසත් සියලු‍ දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලාසිටිනවා...


::::ගීතය මෙතනින් බාගන්න::::

5 මේ ගැන කියපු කථා:

වර්තමානයෙ අලු‍තෙන් සංගීත කරලියට ඉදිරිපත් වෙන වෙහෙසකාරී ගීත වලට වඩා අරුත් පොහොසත් මේ වගේ ගීත අපි අතරට ගේනවට ගොඩක් ස්තූතියි සහේ. ගීත වල උඩින් පෙනෙන දෙයට වඩා ගැඹුරින් දකින්න පුලුවන් දෙ විචාරයට ඇතුලත් නරන්න පුලුවන් නම් තවත් හොදයි කියලයි මගෙ අදහස.
මේ ගීතයේ අන්තරා කොටසින් කියවෙන දෙ ගැන ඔයාගෙ විචාරයට යමක් එකතු කරන්න කැමතියි රස්.
තමන්ගෙ හදවත කිසිම ලේභ කමකින් තොරව පිදුවත්, හදවතත් සමගම ඔහු දුන් ආදරයට සරිලන ඔහු බලාපොරොත්තු වූ පරිදි සැබෑ ආදරයක් ඔහුට පෙරලා නොලැබුනු බව ඇයගේ හිත නොරිදෙන ආකාරයෙන් කියන්න උත්සාහ දරනවා කියලයි මට හිතුනෙ.
'මේ තමයි සැබෑ ආදරය'

 

@ චූටි බබා (chooty baba): ඉතින් ගීතයට අදහසක් එක් කලාට බොහෝම ස්තූතියි. ඒ එක්කම මේ එකතු කරපු අදහස ගැනත් යමක් කියන්න ඕනෙ. එක් අවස්ථාවක සිගන්නියක් මෙන් ආදරය පතා තමා අසලට පැමිණී ඇයට ඔබ පවසන ආකාරයට කිසිදු ලෝබ කමක් නැතිව පිහිට වූ ඔහුට අවසානයේ හිමිවී ඇති දෙය සාධාරනද..?එසේනම් කිසිවක් දෙන්නට නොහැකි අවස්ථාවක ඇය යමක් ඉල්ලූ නිසාම, ඉදිරිය ගැන නොසිතා තමන්ගේ හදවත පිරිනැමීම ඔබ පවසන ආකාරයට සැබෑ ආදරයද නැතිනම් අනුවණ තීරණයක්ද යන්න සිතා බැලිය යුතුයි...

 

@ රස් :
ජීවිතය ගැන විශාල තීරණයක් ගන්න අවස්ථාවෙ 2වරක් සිතා බැලිය යුතුයි කියන දෙ මාත් පිළිගන්නවා සහේ.ආදරය කියන්නෙ මහා පරිත්‍යාගයක්. ආදරය කරන්න ඕනෙ, තමන්ට පෙරලා ලැබෙන ආදරය දිහා බලාන නෙවෙයි ආදරය කරන පුද්ගලයට කියන එකයි මගේ අදහස.එහෙම ආදරයකට ඕනෙම දුකක් දරාගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.
මම 'සැබෑ ආදරය' කියලා අදහස් කරලා තියෙන්නෙ,මේ ගීතය අහද්දි,කියවද්දි ඹහු තාමත් ඇයට තියෙන ආදරය නිසා ඇයගේ හිත නොරිදෙන ආකාරයෙන් තමන්ගෙ අසරණකම ඇයට කියන්න උත්සාහ කරනවා කියලා හිතුනු නිසා.
'ඒ සැබෑ ආදරය නිසාම නෙවෙයිද..?'

 

ඔබට අතදුන් ජීවිතය පනමෙන් සුරකින්න.. එවිට ඔබටත් ජීවිතය අතිශඉන් සොදුරු අසපුවක්ම වනු නියතය....

 

Bally's Philadelphia casinos have reopened on Thursday
Casino 광명 출장마사지 Bossier and 광주 출장샵 gaming 삼척 출장마사지 industry veterans announced on 경상북도 출장샵 Thursday that the casino and hotel, formerly 하남 출장샵 known as Bally's  Rating: 5 · ‎1 vote

 

Post a Comment

අමතක කරන්න එපා ඔබේ අදහස පැල්පතට ගොඩක් වටිනවා...!